රංජන්ගේ ගිනි අවියෙන් අපරාධයක් සිදුව ඇත්දැයි දැන ගැනීමට තවත් විමර්ශණයක්.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතාගේ බලපත්ර අලුත් නොකළ ගිනි අවිය භාවිතා කර අපරාධයක් සිදුකර ඇති දැයි යන්න සම්න්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය නුගේගොඩ මහේස්ත්රාත් ඒ.එම්. කේ වසන්ත කුමාර මහතා වෙත අද (7) දැනුම් දුන්නේය.
රජයේ රස පරීක්ෂකවරයා නිකුත් කළ රස පරීක්ෂක වාර්තාවේ ගිනි අවිය සක්රීයව භාවිතා කර ඇති බව සහ ඉන් වෙඩි බෙහෙත් ගද වහනය වන බව දැනුම් දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් එලෙස දැනුම් දී සිටියේ ය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද යළි කැඳවූ අවස්ථාවේදී වෙනත් නඩුවකට අදාළව රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා බන්ධනාගාර නිලධාරීහු විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.
සිදු කරන ලද පරීක්ෂණවල ප්රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් මගින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට සිද්ධියට අදාළව පුද්ගලයන් පස් දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කර ගෙන ඇති බව දැනුම් දුන්හ.
No comments:
Post a Comment