උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 9 February 2020

සජිත්ගේ අලුත් සන්ධානය පක්‍ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට සූදානම්.


සජිත්ගේ අලුත් සන්ධානය පක්‍ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට සූදානම්.

එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධානත්වයෙන් නිර්මාණය කරන සන්ධානය ලබන 11 දා හෝ ඊට ආසන්න දිනයකදී ලියාපදිංචි කිරීම සඳහා පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක අබේසිංහ මහතා සඳහන් කළා. සන්ධානයේ නම මෙන්ම ලකුණද මේ වන විට තීරණය කර අවසන් බවත්, එය සුබ නැකතකින් රටට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට ලකුණ පිළිබඳ යම් සංවාදයක්ද ඇති වී තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. පසුගිය දින කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුව ඇති බවද දේශපාලන ආරංචි සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි. එහිදී සන්ධානයේ ලේකම්වරයා ලෙස පත්කර ඇති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම නැවැත සම්මත කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන නියෝජිතයින් පෙන්වා දෙන්නේ සන්ධානයේ ලේකම්වරයා පත් කිරීමේ බලය විපක්‍ෂ නායකවරයා වෙත පවරා ඇති බැවින් එම යෝජනා නැවැත සම්මත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ පිහිටුවන නව සන්ධානයේ ජාතික සංවිධායකවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා පත් කිරීමටද යෝජනා වී තිබෙනවා.








No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot