නවක සිසු සිසුවියන් නිරුවත් කළ යාපනයේ නවක වදකයින් ගැන පරීක්ෂණ.
යාපනය විශ්වවිද්‍යාලයේ, කිලිනොච්චිය මණ්ඩපයේ නවක සිසු සිසුවියන් අමානුෂීක ලෙස නවක වදයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා. සිසුවියන් නිරුවත් කර, ඔවුන්ගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිදුකර ඇති මෙම හිංසනය මේ වන විට සමාජය පුරා කතාබහට ලක්ව ඇති ප්‍රධාන කාරණයක්.
වැසිකිලි හා නාන කාමර වෙත යොමුකර වයිබර්, වට්ස්අප් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබා ගනිමින් ජේෂ්ඨ සිසුන් විසින් වීඩියෝ දර්ශණ ලබා ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. මෙම සිද්ධීයෙන් නවක සිසු සිසුවියන් බලවත් අපහසුතාවට හා කම්පනයට පත්ව සිටින බවයි යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඇතැම් දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙන බවද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය වී එෆ්එම් ප්රවෘත්ති වෙත කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස විශ්විද්‍යාල බලධාරීන් වෙත දැනුම් දුන් බවයි. එමෙන්ම එම පරීක්ෂණයේ වාර්තාව ලැබීමෙන් අනතුරුව අදාල ජේෂ්ඨ සිසුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඇතැම් විට ඔවුන්ගේ ශීෂ්‍යභාවය අහෝසි කිරීමට ඉඩ ඇති බවත් ඇය ප්‍රකාශ කළා.
No comments:
Post a Comment