නිදහස් පක්ෂය තනියම මැතිවරණයට ?
ජනාධිපතිවරණයට පෙර ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇති කරගත් එකඟතා නිසි පරිදි ක්රියාත්මක වන ආකාරයක් පෙනෙන්නට නොමැති බව ශ්රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එවැනි තත්ත්වයක් තුළ ඉදිරි මහ මැතිවරණයේදී විකල්ප ක්රියාවලියක් වෙත අවතීර්ණ වීමට හෝ වෙනම තරඟ කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයට සිදුවනු ඇති බව එම පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියා.
ඔහු පෙන්වා දෙන්නේ සන්ධානයක් යටතේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂ සමඟ ඒකාබද්ධව තරඟ කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය කැමැත්තෙන් සිටින බවයි. එහෙත් එකඟතා අනුව සන්ධානයේ නිසි තැන ශ්රී ලංකා නිදහස් පක්ෂයට හිමිවිය යුතු බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ස්ථාවරයයි. ලක්ෂ 15 ට වැඩි ඡන්ද පදනමක් සහිත ශ්රී ලංකා නිදහස් පක්ෂයට නිසි තැන හිමි විය යුතු බවත්, එසේ නොවන්නේනම් තනි පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඔහු කියා සිටියා.
No comments:
Post a Comment