උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 8 February 2020

ධීවර ගැටළු විසදීම සඳහා ඉන්දු - ලංකා අධිකාරියක්.


ධීවර ගැටළු විසදීම සඳහා ඉන්දු - ලංකා අධිකාරියක්.

ඉන්දීය සාගර කලාපයේ සිදුවන ධීවර ගැටළු විසදීම වෙනුවෙන් ඒකාබද්ධ සාගර කලාප අධිකාරියක් පිහිටුවීමේ යෝජනාවක් ඉන්දීය රජය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දු හා ශ්‍රී ලංකා ධීවරයින් අතර නිරන්තරයෙන් සාගර කලාපය තුළ ගැටුම් ඇතිවෙමින් තිබෙන්නේ සාගර සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන්.

මෙම ගැටළුව දෙරටටම මහත් හිසරදයක් බවට පත්ව තිබෙනවා. එබැවින් දෙපාර්ශවයම නියෝජනය වන පරිදි සාගර කලාප අධිකාරියක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර, එහි අපේක්‍ෂාව වන්නේ මෙම ගැටළුව සඳහා ස්ථිර විසදුම් ලබාදීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමයි. ධීවර සංගම් නියෝජිතයින්ද ඇතුලත්වන පරිදි දෙපාර්ශවයෙන් නියෝජිතයින් 07 දෙනෙකු බැගින් ඇතුලත්වන පරිදි මෙම අධිකාරිය පිහිටුවීමටයි ශ්‍රී ලංකා රජය ඉන්දීය බලධාරීන් වෙත යෝජනා කර තිබෙන්නේ. නවදිල්ලියේ අද පැවැති සාකච්ඡාවේදි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අදාල යෝජනාව ඉන්දීය බලධාරීන් වෙත ඉදිරිපත් කර තිබුණා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot