උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

ග්‍රාම සේවක සහතිකය ප්‍රාදේශීය ලෙකම්ගෙන් අනුඅත්සන් කිරීම නතර කිරීමට යයි.

ග්‍රාම සේවක සහතිකය ප්‍රාදේශීය ලෙකම්ගෙන් අනුඅත්සන් කිරීම නතර කිරීමට යයි.

මහජනතාවට පීඩාකාරී ව පවතින අණ පනත්
සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය
පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා
පළාත් පාලන අමාත්‍යංශය මඟින් වීශේෂ
චක්‍රලේඛනයක් යටතේ පෙබරවාරි දහ වැනිදා සිට
බලපැවැත්වෙන පරිදි පදිංචි සහතිකය සහ
චරිත සහතික නිකුත් කිරීමේ දී ප්‍රාදේශීය ලේකම්
තනතුරෙහි අනු අත්සන ලබා ගැනීම නවතා එහි
කාර්ය ග්‍රාම නිලධාරී වරුන්ට පමණක් පැනවීමට
තීරණය කොට තිබේ.
ඒ අනුව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක
බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නියෝගයෙන්
ස්වදේශ කටයුතු අමාත්‍යංශය චක්‍රලේඛ 3 /2020
නමින් අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි
මහතා විසින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්
ලේකම්වරුන් සහ දිසාපතිවරුන් ප්‍රාදේශීය
ලේකම්වරුන් වෙත යවා තිබේ.

ග්‍රාම නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන
පදිංචිය හා චරිත පිළිබඳ සහතිකය වලංගු
භාවය තහවුරු කිරීම සඳහා ප්‍රාදේශීය
ලේකම්වරුන් වෙතින් අනු අත්සන් කර ගැනීම
අනිවාර්ය වී තිබිණි.
මහජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කිරීම
සඳහා ප්‍රාදේශීය ලේකම් අනු අත්සන තැබීමෙන්
තොරව අදාළ සහතික නිකුත් කිරීමේ අවශ්‍යතාවය
පසුගිය දිසාපති දිස්ත්‍රික් ලේකම් සමුළුවේ දී
අනාවරණය වීමත් සමග 2020 පෙබරවාරි 10 දින
සිට මෙම ක්‍රලේඛනය බලාත්මක කිරීමට කටයුතු
යොදා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු
සහ පළාත් පාලන පළාත් සභා අමාත්‍යංශ ලේකම්
එස් .හෙට්ටිආරච්චි මහතා ලිපියක් නිකුත්
කරමින් ද කියා සිටී.
මේ පිළිබඳව අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන හා
ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා
මෙසේ පැවසීය.
"සාමාන්‍ය ජනතාවට විවිධ චක්‍රලේඛන නිසා
දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුව තිබෙන
බව අනාවරණය වෙලා තිබෙනවා, ඒ පිළිබඳව
අපි දීර්ඝ වශයෙන් සොයා බැලුවා .තවත් මෙවැනි
අණපනත් තිබේද යන්න අපි විශේෂ කමිටුවක්

දාලා සොයාබැලීමක් සිද්ද කරනවා .ඒ අනුව
ජනතාව පීඩාවට පත්වෙලා තියෙන චක්‍රලේඛ
ඉවත් කොට ජනතාවට සහන දායි වැඩපිළිවෙලක්
සකස් කිරීම අපෙ රජයේ අරමුණ වෙලා
තියෙන්නේ."
බොහෝ දුෂ්කර ප්‍රදේශවල ග්‍රාම නිලධාරී
කාර්යාලයේ ඉඳලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
කිලෝමීටර් ගණනාවක් දුරයි .සමහර අයට
ප්‍රවාහන පහසුකම් වත් නෑ .ඒ වෙනකොට චරිත
සහතිකය පදිංචි සහතිකය ගන්න දුෂ්කරතා
රැසක් විදින්න වෙලා තියෙනවා. බොහෝ අයට
මේ හේතුව නිසා රැකියා පවා අහිමි වෙලා
තියෙනවා කියලා අපි දන්නවා."
"මේ දුෂ්කරතාවය හේතු කොට ගෙන තමයි නව
චක්‍රලේඛන අරන් ඇවිල්ලා ජනතාවට තමන්ගේ
වසමේ ග්‍රාම නිලධාරිවරයා හෝ නිලධාරී වරයගේ
කාර්යාලයට ගිහිල්ලා චරිත සහතිකය පදිංචි
සහතිකය ලබා ගන්න පුළුවන් විදියේ නව නීති
ගෙනාවේ."
"ඉදිරියේදී තවදුරටත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ
කටයුතු අමාත්‍යංශයේ ජනතාවට සිදුවිය යුතු
සහන රැසක් ඉතා සරලව ලබා ගැනීමට හැකිවන
පරිදි අන පනත් සකස් කිරීමයි මගේ අරමුණ."
" රාජ්‍ය සේවකයා ගමට ගිහිල්ලා වැඩ කරන
වැඩපිළිවෙළක් තමයි ආරම්භ කරන්නේ.

"මින් ඉදිරියට රජයේ සේවකයන් ඉදිරියට ගිහිල්ලා
ජනතාව පෝලිමේ දුක් මහන්සි විය යුතු නැහැ.
අහිංසක දුප්පත් අසරණ මිනිස්සුන්ට ළඟටම
ගිහිල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් දිස්ත්‍රික්
ලේකම් කාර්යාල වලින් සිදුවිය යුතු සේවාවන් ඉටු
කිරීමටත් අපේ රජය කටයුතු යොදන්න අවධානය
යොමු කරලා තියෙනවා."
"අතිගරු ජනාධිපති තුමාගෙන් අගමැතිතුමාගෙන්
මගේත් එකම ප්‍රාර්ථනාව වෙන්නේ ක්‍රියාශීලී
ජනතාවාදී රාජ්‍ය සේවයක් මෙරට ස්ථාපිත
කරන්න .මේ ස්ථාපිත කරන රාජ්‍ය සේවය මොන
ආණ්ඩුවක් බලයට පත් වුණත් ජනතාවට සේවය
කරන්න හැකි වන පරිදි අණපනත් වෙනස් කරලා
අපේ යුතුකම ජනතාව වෙනුවෙන් ඉටුකරන්න
තමයි අණ පනත් වෙනස් කරන්නේ."
”මේ නිතිය නිසා ග්‍රාම නිලධාරි වරුන්ට විශාල
වටිනාකමක් ලැබෙනවා ,ඒ වටිනාකම ආර්කක්ෂා
කරගෙන ජනතාවට සේවය කල යුතයි .”



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot