උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

ඛනිජ තෙල් සංස්ථාවට අනියම් පදනම මත බඳවා ගෙන පසුව ඉවත් කළ සේවකයින් යළි සේවයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෛනික වැටුප් පදනම මත සේවය කරමින් සිට ඉවත් කළ සේවකයින් 167 දෙනා මුදල් අමාත්‍යාංශයේ හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුන වහාම සේවයට බඳවා ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින් දඅ මරවීර මහතා ඊයේ (05) එම පිරිස සමග පැවැති සාකච්ඡාවක දී දැනුම් දුන්නේය. පසුගිය රජය යටතේ බඳවා ගෙන ඇති එම පිරිස දෛනික වැටුප් ගෙවීමේ පදනම මත සේවය සඳහා බඳවා ගෙන තිබු අතර එම සියලු දෙනාම තරුණ තරුණියෝ වෙති. අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් පවා සපුරා ඇති එම පිරිස සේවය සඳහා බඳවාගෙන ඇත්තේ කම්කරු තනතුරු සඳහාය. එහෙත් කම්කරුවන් ලෙස සේවයට බඳවා ගැනීමේ දී තරුණියන්ට ක්ෂේ ත්‍රයට ගොස් සේවය කිරීමට හැකියාවක් ඇද්දැයි විමසූ අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරු තනතුරු සඳහා ද කාන්තාවන් බඳවාගෙන ඇතත් රේල්පාරේ බැද්ද කැපීමට එම අයට හැකියාවක් නැති බවත්, රේල්පාරේ සිල්පර කොට ඉස්සීම, රේලි පීලි ඉස්සීම වැනි වැඩ කටයුතු කාන්තාවන් කරන්නේ කෙසේදැයි විමසා සිටියේය. මෙම තත්ත්වය නිසා අලුතින් පිරිසක් බඳවා ගැනීමට නොහැකි වී ඇති අතරම, දුම්රිය මාර්ගවල බැද්ද කපන්නට පවා අද සේවකයින් නොමැතිබවත් ප්‍රකාශ කළේය. එමනිසා අධ්‍යාපන සුදුසුකම් මත සුදුසු රැකියාවන්ට බඳවා ගැනීම සිදු කළ යුතු බවත් , පසුගිය රජය විසින් අනියම් පදනම මත බඳවාගෙන ඇති මෙම පිරිස අතර කම්කරු තනතුරට වඩා ඉහළ රැකියා සඳහා වුවද සුදුසුකම් සපුරන ලද අය සිටින බවත් අමාත්‍යවරයා කීය. කෙසේ වුවද, ඔවුන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වු එම තනතුරු සඳහා වෙනත් පිරිසක් බඳවා නොගන්නා බවත්, මුදල් අමාත්‍යාංශයේ හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද වහාම එම පිරිසම නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම පිරිසට දැනුම් දුන්නේය. අපේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේදී තමන් කිසි විටෙක දේශපාලන පක්ෂය මත තීරණ නොගන්නා බවත් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් කාට වුව රැකියා ලබා දීමට තමන් පසුබට නොවන බවත් එම තරුණ තරුණියන්ට ප්‍රකාශ කළේය. මාධ්‍ය ඒකකය ප්‍රවාහණ කළමනාකරණ සේවා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

ඛනිජ තෙල් සංස්ථාවට අනියම් පදනම මත බඳවා ගෙන පසුව ඉවත් කළ සේවකයින්  යළි සේවයට 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෛනික වැටුප් පදනම මත සේවය කරමින් සිට ඉවත් කළ සේවකයින් 167 දෙනා මුදල් අමාත්‍යාංශයේ හා  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුන වහාම සේවයට බඳවා ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින් දඅ මරවීර මහතා ඊයේ (05) එම පිරිස සමග පැවැති සාකච්ඡාවක දී දැනුම් දුන්නේය.
පසුගිය රජය යටතේ බඳවා ගෙන ඇති එම පිරිස දෛනික වැටුප් ගෙවීමේ පදනම මත සේවය සඳහා බඳවා ගෙන තිබු අතර එම සියලු දෙනාම තරුණ තරුණියෝ වෙති. අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් පවා සපුරා ඇති එම පිරිස සේවය සඳහා බඳවාගෙන ඇත්තේ කම්කරු තනතුරු සඳහාය.
එහෙත් කම්කරුවන් ලෙස සේවයට බඳවා ගැනීමේ දී තරුණියන්ට ක්ෂේ ත්‍රයට ගොස් සේවය කිරීමට  හැකියාවක් ඇද්දැයි විමසූ අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරු තනතුරු සඳහා ද කාන්තාවන් බඳවාගෙන ඇතත් රේල්පාරේ බැද්ද කැපීමට එම අයට හැකියාවක් නැති බවත්,  රේල්පාරේ සිල්පර කොට ඉස්සීම, රේලි පීලි ඉස්සීම වැනි වැඩ කටයුතු කාන්තාවන් කරන්නේ කෙසේදැයි විමසා සිටියේය. මෙම තත්ත්වය නිසා අලුතින් පිරිසක් බඳවා ගැනීමට නොහැකි වී ඇති අතරම, දුම්රිය මාර්ගවල බැද්ද කපන්නට පවා අද සේවකයින් නොමැතිබවත් ප්‍රකාශ කළේය.
එමනිසා අධ්‍යාපන සුදුසුකම් මත සුදුසු රැකියාවන්ට බඳවා ගැනීම සිදු කළ යුතු බවත් , පසුගිය රජය විසින් අනියම් පදනම මත බඳවාගෙන ඇති මෙම පිරිස අතර කම්කරු තනතුරට වඩා ඉහළ රැකියා සඳහා වුවද සුදුසුකම් සපුරන ලද අය සිටින බවත් අමාත්‍යවරයා කීය.
කෙසේ වුවද, ඔවුන් ඉවත් කිරීමෙන්  පසු පුරප්පාඩු වු එම තනතුරු සඳහා වෙනත් පිරිසක් බඳවා නොගන්නා බවත්, මුදල් අමාත්‍යාංශයේ හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද වහාම එම පිරිසම නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම පිරිසට දැනුම් දුන්නේය.
අපේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේදී තමන් කිසි විටෙක දේශපාලන පක්ෂය  මත තීරණ නොගන්නා බවත් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් කාට වුව රැකියා ලබා දීමට තමන් පසුබට නොවන බවත් එම තරුණ තරුණියන්ට ප්‍රකාශ කළේය.

මාධ්‍ය ඒකකය
ප්‍රවාහණ කළමනාකරණ සේවා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot