උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 12 February 2020

මුරණ්ඩු ආණ්ඩුවක් පළවා හරින්නට දුෂ්කර ගමනක යෙදුණා

මුරණ්ඩු  ආණ්ඩුවක් පළවා හරින්නට දුෂ්කර ගමනක යෙදුණා

අවුරුදු හතරහමාරට මුරණ්ඩු දරදඩු දේශ
විරෝධී ආණ්ඩුවක් පළවා හරින්නට අප දුෂ්කර
ගමනක යෙදුණා.
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු
සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
ජනාධිපතිවරණයට ස්තූතිය පලකිරීමේ ජනහමු මාලාවක් පසුගිය කාලය පුරා
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය
ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමන්ගේ මූලිකත්වයෙන් ප්‍රදේශ කිහිපයක පැවැත්විණි. බෝපෙ
ප්‍රදේශයේදී පැවති එබඳු ජනහමුවකදී අමාත්‍යවරයා ජනාධිපතිවරණයේදී සිය ඡන්දය සෞභාග්‍යයේ
දැක්ම ජයග්‍රහණය කරවීම සඳහා දායකවූ සැමට සිය ස්තූතිය පුදකර සිටියේය.
මෙහිදී බෝපෙ ප්‍රදේශයේ ජනතාවට ස්තුතිය ප්‍රකාශ කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා
ජනාධිපතිවරණයේදී ජනතාව ප්‍රගතිශීලී වෙමින් යූන්පී ආණ්ඩුව ගෙදර යවන්නට යෝධ සෙවනැල්ලක්
වුණා. අවුරුදු හතරහමාරට මුරණ්ඩු දේශ විරෝධී ආණ්ඩුව පළවා හරින්නට කොයි තරම් දුෂ්කර ගමන්
මාර්ගයක යෙදුණාද? මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, අපේ ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාත් ජනතාවත්
එක්ක ගත්ත ඒ පියවරවල් නිසා මාතෘ භූමියට ජීවත් වීමට පුළුවන් කමක් අද ලැබිලා තියනවා. අපිට රටක්
ඉතුරු කරගන්න පුළුවන් කියන තමුන්නාන්සේලා වගේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අද සාධාරණය ඉටු
වෙලා තියනවා.
වෙනදා නම් ආණ්ඩුව ගෙදර යැව්වාම ජනාධිපති කෙනෙක් පත්වුණාම ඒ ජනාධිපතිතුමාට පුළුවන්
පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. නමුත් මේ අවස්ථාවෙදි එහෙම බැරි වුණා. ඒ බැරි වුණේ පසුගිය යූඑන්පී
ආණ්ඩුව පාර්ලිමේන්තුවට 19 වෙනි සංශෝධනය ගෙනල්ලා අවුරුදු හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව
විසුරුවන්න බෑ කියලා පණතක් සම්මත කරගත්තා. මට මතකයි එදා රාත්‍රියෙ විනාඩි 40 ක් මගේ අතුරු
යෝජනාව වාද කළා. අපි කිව්වා නෑ ජනාධිපතිට තියන විසුරුවා හැරීමේ බලතලය තියා ගන්න ඕන කියලා
නමුත් ඒ පණත සම්මත කළා. ඒ අනුව අවුරුදු හතරහමාරක් ගතවනතුරු පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාට
විසුරුවන්නට බැරිව තිබෙනවා. රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව මතකයිනේ. ජාතික නිදහස් දිනය සමරලා
හිටපු ජනාධිපතිතුමිය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කාර් එක ලඟට ඇවිදගෙන ගිහිල්ලා ආයුබෝවන්
කියලා රාත්‍රියෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. රනිල් කොහෙද කියලා හොයනකොට බෙන්තොට
හෝටලයේ එයා සතුටින් මිත්‍රයන් එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයක හිටියා. එතකොටයි එයා දන්නෙ
පාර්ලිමේන්තුව ගෙදර යැව්වා කියලා. ඉතින් ඔබ දුන් විශ්වාසය ජනාධිපතිතුමාට සනාථ කරමින් මාර්තු
මාසෙ දෙවනිදා රාත්‍රී වෙනකොට එතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අතට
අරගෙන ඉන්නවා, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. ඊට පස්සෙ පාර්ලිමේන්තු මහා මැතිවරණයකින් අලුත්
ශක්තිමත් ආණ්ඩුවක් පත්කර ගන්න පුළුවන්කම ලැබෙයි.

නීති රීති අලුතෙන් හදන්න, හානිකර නීති අවලංගු කරන්න, මේ සංවර්ධන වැඩපිළිවෙළ මීට වඩා වේගවත්ව
ගෙන යන්න අයවැය ලේඛනය සම්මතකර ගන්න ඒ සඳහා මුදල් අනුමතකර ගන්න අලුත් පාර්ලිමේන්තුවට
පුළුවන්. ඒ අලුත් පාර්ලිමේන්තුවේ ජන වරම අපි ශක්තිමත් කරන්න අපි අත්වැල් බැඳගෙන සමගියෙන්
පසුගිය කාලෙ ඇති කරගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන යමු.
දැන් පේනවනේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කරලා තියන හදිය. තවම ටිකයි එළිවෙළා තියෙන්නෙ.
පසුගියදා පාර්ලිමේන්තුවෙ ජොන්ස්ටන් ඇමතිතුමා පෙන්නලා දුන්නා මිලියන විසි හයදාහක කාර් ගෙනල්ලා
ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරුන්ට සැප විඳින්න. මිලියන 26000 ක් මේ පුංචි මුදලක් නොවෙයි. මිලියන
26000 න් මිලියන 10 ගානෙ අපේ අවශ්‍ය පාසල්වලට දැම්මා නම් ඒ පාසල්වල අවශ්‍ය සම්පත් ඇතිකරන්න
පුළුවන්. ඒ වගේ ලොකු මුදලක සුඛෝපභෝගී වාහන ගෙන්නුවෙ අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට
ගමන් කරන්න . ඔබ කතිරෙ ගහලා කනෙන් අල්ලා ගෙදර යැව්ව එක තමයි දැන් ඉතුරුවෙලා තියන
ජයග්‍රහණය. පසුගිය රජය ඒ වගේ මහා අපරාධ රාශියක් කළා. ඒ අපරාධ කළේ යහපාලනය කියන
වචනයට මුවා වෙලා. ආපහු ඒ සල්ලා හොයන්න බෑ. ඒවා ගිහින් ඉවරයි. ඒවා වියදම් කරලා ඉවරයි.
අගමැතිතුමා පැහැදිලි කළා පාර්ලිමේන්තුවෙදි, අගමැතිතුමා සැලසුම් කරලා තිබුණු මහනුවර දක්වා
අධිවේගී මාර්ගය ආපු හැටියෙ නැවැත්තුවා. නවත්තලා ඒ සමාගමට ඒක කරන්න බෑ කියලා අවුරුද්දක්
දෙකක් තිස්සෙ ඒක සාකච්ඡා කරලා ඒ දුන්න ගානටත් වැඩි ගාණකට දුන්නා. තාම මහා මාර්ගය ඉවර
කරලා නෑ. මේ වගේ අපරාධ එක්සත් ජාතික පක්ෂයෙන් සිදු වුණේ. රටේ සම්පත් රටේ දියුණුවට ඕන
සම්පත් තමයි මේ නාස්ති කළේ. මේ යහපාලනය කියන වචනය දැන් පාවිච්චි කරන්නෙ නැති තරමට ගමේ
රටේ පත් වෙලා. එක්සත් ජාතික පක්ෂය වෙන නමකින් එන්න හැදුවට අවබෝධයෙන් අධිෂ්ඨානයෙන් අපි
එහි පරාජය ගෙනෙන්නට අවශ්‍ය සමගියෙන් කටයුතු කරමු. මේ මාස තුනට ආණ්ඩුව මුදල් සීමා සහිතව
සීමා කරලා ගිහින් තියනවා, ගිය ආණ්ඩුව. ඒක වෙනස් කරන්න විශේෂ පණතක් ගේන්න වෙලා තියනවා.
එහෙම නැතිනම් ඒ ගොල්ලන් කියපු මුදල් ටික පමණයි වැඩකරන්න පුළුවන් කියලා නීතියෙන් අතුරු සම්මත
ගිණුමක් සම්මත කරලා තියෙන්නෙ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතතුමා ප්‍රකාශයට පත්කොට
ආණ්ඩුවෙන් සැලසුම් කර ඇති සංවර්ධන ක්‍රියාදාමය තුළ විශේෂයෙන් තරුණ පරම්පරාවට ඒ වාගේම
වැඩකරන නිෂ්පාදනයේ යෙදිලා ඉන්න ව්‍යාපාරික පැළැන්තියට පුංචි නිෂ්පාදකයාගේ සිට ලොකු
නිෂ්පාදකයා දක්වා යළිත් හිස ඔසවන්න පුළුවන් නිෂ්පාදන සංවර්ධන ආර්ථිකයක් බවට පත් කරන
සැලැස්ම ක්‍රියාත්මක කරගත් අධිෂ්ඨානයෙන් කැපවී සිටිනවා. මෙතෙක් කල් තේ ටික ගෙනල්ලා කලවම්
කරන්න පටන් ගත්තා. රබර් ටික ගෙනල්ලා කලවම් කළා. රබර් මිල බහින්න පටන් ගත්තා. මේවා තහනම්
කළලලා අපේ දේ මිස පිටින් ගේන්න එපා කියලා. ඉතින් ඒවා යළිත් ඇති කර ඒවායේ මිල ඉහළ ගෙන යාමට
පුළුවන් අවස්ථාවකට දැන් පරිවර්තනයවී තිබෙනවා. අපේ ගමේ රටේ වැවෙන ගම්මිරිස් ටික කුරුදු ටික මේ
ආකාරයෙන් රටින් ගෙනල්ලා බාල කරපු යූන්පී ක්‍රියාදාමය තහනම් කරලා තියනවා. ඒවා කරලා ජාවාරම්
කරපු යූන්පී මන්ත්‍රීවරු දැන් අහුවෙලා තියනවා. ඒ ගොල්ලන්ගෙ යහපතට තමයි පිටරටින් ගම්මිරිස්
ගෙනල්ලා කලවම් කළේ. නැති නම් මේ රටේ යහපතට නෙවෙයි. මෙවැනි විනාශයකට ගොදුරු වෙච්ච
දේශය ගොඩනගන්නට අපි එක් වෙමු. ජනවරම තියෙන්නෙ තමුන්නාන්සේලාගෙ අතේ. ජන වරම
යෝධ ශක්තිය පාවිච්චි කරන්න ලැබෙන්නෙ ජනතාවට. ඒ වෙනුවෙන්වූ ගමනට අපේ රටේ අනාගත
සංවර්ධනයට රටේ දියුණුවට රට පරිවර්තනය කිරීම සඳහා තමුන්නාන්සේලාගෙ මහජන මන්ත්‍රීවරයෙකු
හැටියට පාර්ලිමේන්තුවට පත් කරලා ඔබේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා මේ වගකීමක් අරගෙන
පාර්ිමේන්තුවෙ ඒ වගකීම දැරීම මට වැඩිය චන්දෙ දීපු ඔබට ආඩම්බරයක්. ඒ ගෞරවය ආඩම්බරය පමණක්
නොව අපේ කඳවුරේ ඒ යෝධ බලය අරගෙන ශක්තිමත් අනාගතයකට ජනතා බලාපොරොත්තු ඉටුවන රට
ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙළකට අද රජය සැලැස්මක් සහිතව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම
පළාත් පාලන ආයතනවලට ඉදිරි කාලෙ ඉතා විශාල බලතල ප්‍රමාණයක් ආණ්ඩුවෙන් පැවරීමේ කටයුතු සිදු
වෙනවා. එතකොට පළාත් පාලන ආයතනවලට වැඩකරන්න පුළුවන් බලයක් පැවරෙනවා. ඒ බලය ගමේ

ජනතා නියෝජිතයන්ට භාරදී අලුත් ගමනකට පිවිසෙන මාවතකට අපි එක්ව කටයුතු කරමු& යි ප්‍රකාශ
කළේය.
තවද රැස්ව සිටි තරුණ පිරිස අමතමින් වැඩි දුරටත් අමතමින් තරුණ ජීවිතයේ වටිනාකම් පිළිබඳවත්
මත්ද්‍රව්‍ය වලින් වැළකීමේ වැදගත්කම මෙන්ම රටේ පාලන යාන්ත්‍රණය සඳහා තරුණ දායක්වයේ
වැදගත්කම පිළිබඳවත් අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මැතිතුමා, බෝපෙ සීතාවක ප්‍රාදේශීය
සභාවේ උප සභාපති මංජුල මහතා, ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්තක මහතා ඇතුළු විශාල ජනතාවක්
සහභාගීවූහ.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot