උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 12 February 2020


බස්ඩිපෝ ආදායම  රුපියල් ලක්ෂ 45ක් බැගින් ඉහළට.



ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝ වල දෛනික ආදායම ඉහළ ගොස් ඇති 

බව ලංකා ගමනාගමනය මණ්ඩලය පවසයි.
ඊයේ පස්වරුවේ (11) ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් එහි ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් සිදු කළේය.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම හා ලංගම සභාපති නීතිඥ කිංස්ලි 
රණවක යන මහත්වරු ඇතුලු නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටියහ.

මේ වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් ඩිපෝ 107ක් අතරින් 12ක් හැර ඉතිරි 
බස් ඩිපෝ 95ම පසුගිය මාසය තුළ දිනකට එක් ඩිපෝවකින් ලක්ෂ එකහමාර බැගින් 
ආදායමක් උපයා තිබේ. ඒ අනුව  පසුගිය මාසය තුළ එක් ඩිපෝවකින් උපයා ඇති ආදායම රුපියල් 4,500,000කි.
දැනට පාඩු ලබන බස් ඩිපෝ 12 තුළ ඉහළම පාඩුවක් වාර්තා වන අතර එම බස් ඩිපෝද, 
ආදායම් ලබන තත්ත්වයට පත් කිරීම සඳහා නව පියවර රැසක් ගැනීමට යෝජනා කර 
තිබේ.

මෙතෙක් පාඩු ලබන ආයතනයක්ව පැවැති ලංගම පසුගිය මාසය තුළම ලාභ ලබන 
තත්ත්වයට පත් කර ගැනීම හැකි වුයේ නව රජය තුළ සේවක උනන්දුව ඉහළ යාම නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ලංගම අපේ රටේ පැරණිම 

රාජ්‍ය ආයතනයක් වන නිසා එහි කීර්තිය පවත්වාගෙන යමින් විනයගරුක හා 
නීතිගරුක, සෙසු රියදුරන්ට ආදර්ශවත් ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රගමනය උදෙසා ඉදිරියේදී තවත් නවමු වැඩසටහන් රැසක් මේ වනවිට යෝජනා කර තිබේ.
රජයට බරක් නැති ආයතනයක් වශයෙන් ලංගම ඉදිරි කාලය තුළ ඉහළම ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බවත් අලුතින් බස් රථ 500ක්  මිලදී ගැනීමට රජය තීරණය කර තිබීමත් මෙම වසර තුළ Low Floor Bus හෙවත් පහත් පතුල් සහිත බස් රථ 2000ක් ලංගම බස් රථ ඇනියට එක් කිරීමට රජය තීරණය කර තිබේ.
දැනට ලංගම සතුව බස් රථ 7000ක් පමණ තිබෙන අතර ඉන් 5700ක් ධාවනයට සුදුසුම මට්ටමේ පවතී. දෛනිකව බස්රථ 700ක් පමණ ධාවනය නොකරන අතර ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ අලුතෙන් සේවකයින් බඳවා නොගැනීම නිසා හෙයින් රියදුරු හා කොන්දොස්තරවරුන් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම ධවනය කළ හැකි සියලුම බස් රථ දෛනිකව ධාවනයට යොදවන ලෙසත් ලංගම සියලුම සේවකයන් කැප වී එම ආයතනය ලාභ ලබන ඉහළම ආයතනයක් බවට පත් කිරීම සඳහා සහයෝගය පළ කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
මාධ්‍ය අංශය
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot