උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 9 February 2020

මෝදි 13 ගැන කතා කරයි.

මෝදි 13 ගැන කතා කරයි.

ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය වෙනුවෙන් දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වෙනුවෙන් 13 වන සංශෝධනයේ නියමයන් කෙරෙහි අවදානය යොමුකිරීම ඉතා වැදගත් බවද සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා පුළුල් වැඩපිළීවෙලක් සම්පාදනය විය යුතු බවද ඉන්දීය අගමැතිවරයා කර ඇති ප්‍රකාශයේ සඳහන්. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පැවති ද්වි පාර්ශික සාකච්ඡාවලින් පසු පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ පිළිබඳ  විශේෂයෙන් කතා නොකළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.  එම ප්‍රකාශයට අදහස් දක්වමින් බහුතර ජනතාව එකඟ නොවන දෙයක් ක්‍රියාත්මක කිරීම අපහහසු කාරණයක් බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇති බවයි හින්දු වාර්තාවක දැක්වුණේ.

මේ අතර ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අද බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව සංචාරය කිරීමට නියමිතයි. වරනාසී සහ සාරානාත් ප්‍රදේශවල සිද්ධස්ථාන වැඳපුදා ගැනීමටත් සාරානාත්හි කෞතුකාගාරය සහ ඉසිපතන මිගදාය පුරාවිද්‍යාභූමියේ සංචාරයක නිරත වීමටත් අගමැතිවරයා සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළා.  


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot