උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 9 February 2020

හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නකින්

හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නකින්

හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගයට ඉහලින් වු රක්ෂිතයේ හටගත්
ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වෙයි.
උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි
සිංගිමලේ දුම්රිය උමං මාර්ගයට ඉහලින් වු රක්ෂිතයේ (08) දින රාත්‍රි
හටගත් ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.
(08) දින රාත්‍රි 10 ට පමණ හටගත් ගින්න (09) දින අලුයම තෙක් පැවති
අතර , කිසියම් පිරිසක් විසින් එම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි
ප්‍රදේශවාසින් පවසන්නේ.
සිංගිමලේ දුම්රිය උමං මාර්ගයට ඉහලින් වු රක්ෂිතය ඉලුක් පදුරු සහිත
රක්ෂිතයක් වන අතර මධ්‍යයම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලමේ
දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ගින්න සිඝ්‍රයෙන් කදු මුදුණ
දක්වා පැතිර ගොස් තිබුණි.
ගින්න හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට කිසිදු
බාධාවක් නොවු අතර හැටන් දුම්රිය ස්ථානයට පානිය ජලය ලබා ගන්නේද එම
රක්ෂිත හරහා ගලා බසින ජල මුලාශ කිහිපයක් එක් කර ගනිමිනි.
මෙසේ රක්ෂිතට ගිනි තැබිම නිසා ජල මුලාශද සිදි යාමේ අවධානමකට පත්
වන බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින්ද කියා සිටින්නේ












No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot