උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 9 February 2020

ගවරවිර දමිල මහ විද්‍යාලයට පලවෙනි ශ්‍රේණියේ සුදුසුකම්ලත් විදුහල්පතිවරයෙකු ඉල්ලා ආදි සිසුන් පිරිසක් සාමකාමි විරෝධතාවයක

ගවරවිර දමිල මහ විද්‍යාලයට පලවෙනි ශ්‍රේණියේ සුදුසුකම්ලත්
විදුහල්පතිවරයෙකු ඉල්ලා ආදි සිසුන් පිරිසක් සාමකාමි විරෝධතාවයක



හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන මස්කෙලිය
ගවරවිල දමිල මහ විද්‍යාලයට පලවෙනි ශ්‍රේණියේ සුදුසුකම් ලත්
විදුහල්පතිවරයෙකු ඉල්ලා එම විද්‍යාලයේ ආදි සිසුන් පිරිසක් (09) දින උදැසන
හැටන් බස් නැවතුම්පොල අසල සාමකාමි විරෝධතාවයක නියැලි සිටිහ.
එම විදුහලේ කාලයක් තිස්සේ සේවය කල විදුහල්පතිවරයා එම විදුහලේ
අභිවෘද්ධිය සදහා කටයුතු නොකරන බව පවසමින් එම විදුහලේ සිසු සිසුවියන්
ආදි සිසුන් සහ දෙමව්පියන් විසින් අවස්තා කිහිපයකදි සිදු කල උද්ඝෝෂන
හේතුවෙන් එම විදුහල්පතිවරයා මාරු කර වෙනත් විදුහල්පතිවරයෙකු එම
පාසලට පත් කිරිමට හැටන් කලාප අධයාපන අධ්‍යක්ෂකවරයා විසින් කටයුතු
කර තිබුණි.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් තම පාසලට පත් කල
විදුහල්පතිවරයා පලවෙනි ශ්‍රේණියේ සුදුසකම්ලත් විදුහල්පතිවරයෙකු
නොවන බව පවසා එම පාසලේ සිසු සිසුවියන් , දෙමව්පියන් සහ ආදි සිසුන්
හැටන් සාමිමලේ ප්‍රධාන මාර්ගය මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගය
අවහිර කරමින් ඉකුත් 03 දින උද්ඝෝෂනයක නිරත විය.
පසුව මස්කෙලිය පොලිසියේ නිලධාරින් මැදිහත් වි මෙයට විසදුමක් ලබාදෙන
බවට පොරොන්දු විම නිසා මාර්ගය අවහිර කරමින් සිදුකල උද්ඝෝෂනය
තාවකාලිකව අත්හැරිමට එම විදුහලේ ආදි සිසුන් කටයුතු කර තිබුණි.
ජාතික පාසල් ශ්‍රේණියට අයත් තම පාසලට සුදුසුකම් ලත් පලවෙනි
ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු ලබාදෙන ලෙසත් , මේ පිලිබදව කලාප
අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නා නිසා තම

ගැටළුව මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා හමුවි ලිඛිතව
ඉල්ලිමක් කරන බවද සාමකාමි විරෝධතාවයේ එම විදුහලේ ආදි සිසුන් පැවසිය.












No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot