මාවනැල්ලේ බුදුපිළිම පරීක්ෂණයේ සී.අයි.ඩී නිලධාරියෙකුට මරණ තර්ජන.
මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ සදහා සෘජුවම සම්බන්ධ වී සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට මරණ තර්ජන එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමින් අදාල නිලධාරියා මෙම අවදානම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.
මෙම ප්‍රකාශය ඔහු විසින් සිදුකර තිබුණේ ඊයේ දිනයේදීයී. සාක්ෂි විමසීම ආරම්භයේදීම ඔහු පෙන්වා දී ඇත්තේ මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් සෘජුවම පරික්ෂණවට සම්බන්ධ වී සිටීන බවයි. මේ තත්ත්වය තුළ තමන්ට මරණ තර්ජන ද එල්ල වී ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
No comments:
Post a Comment