උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

ඇවන්ගාඩ් නඩුව පවත්වාගෙන යාමට අවසර දෙනවද? නැද්ද? නියෝගය මාර්තු 13 වැනිදා

ඇවන්ගාඩ් නඩුව පවත්වාගෙන යාමට අවසර දෙනවද? නැද්ද? නියෝගය මාර්තු 13 වැනිදා 



රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම හා ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය මාර්තු මස 13 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා.

මෙම නඩුව පිළිබදව අද කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියෙහි කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය විසින් මෙම නියෝගය කරනු  ලැබුවා.


විත්තියේ නීතිඥවරු මීට පෙර නඩු දිනයේ අධිකරණයේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත අනුමැතියක් ලබා දී  නොමැති නිසා මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට විත්තියේ නීතිඥවරු විසින් විරෝධතාවක් මතුකර තිබුණා.

මෙම මූලික විරෝධතාවට අදාළව පැමිණිලි සහ විත්ති පාර්ශව විසින් අධිකරණය හමුවේ ලිඛිත දේශන ද ගොනු කරනු ලැබුවා.

ඒ අනුව අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය මාර්තු මස 13 වනදා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරිය නියම කළේ.

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව තුළින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ල කර තිබේ.

එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද වරදක් සිදු කර ඇතැයි මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot