මහින්ද අද මෝදි හමුවෙයි - ඉන්දියාව පුරා පෝස්ටර්.
ඉන්දියාවේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශවික සාකච්ඡා අද පැවැත්වෙනවා. රාෂ්ට්‍රපතිභවන්හිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චාරිත්‍රානුකූලව පිලිගැනිමට නියමිත අතර පසුව හයිද්‍රාබාද් හිදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.
අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් හමුවීමට ද නියමිතයි. ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් එරට ප්‍රධාන මාර්ග කිහිපයක පිලිගැනීමේ නාම පුවරු සවි කර ඇති බව වාර්තා වුණා.
හින්දු බසින් සහ සිංහල බසින් සඳහන් කොට ඇති එම පුවරුවල මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රුව ඇතුලත් කර තිබෙන අතර මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයෙකු ලෙසට ඉන්දියාවේ සංචාරයක යෙදෙනුයේ වසර 6 කට පසුවයි.
No comments:
Post a Comment