උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

රටපුරා පොහොර හිඟයක් - ගොවීන් වීදි බසියි.


රටපුරා පොහොර හිඟයක් - ගොවීන් වීදි බසියි.

මැදිරිගිරිය ගොවිජන ව්‍යාපාරයේ ගොවීන් පොහොර ඉල්ලා විරෝධතාවක නිරත වුණා. මෙවර මහ කන්නයෙන් වගාකළ වී වගාව සඳහා මෙතෙක් පොහොර ලබාදීමට රජය අසමත් වී ඇති බව ඔවුන්ගේ චෝදනාවයි. මැදිරිගිරිය ගොවිජන සේවා ම්‍යස්ථානයේ වහළය මත නැගී ඔවුන් විරෝධතාවයේ නිරත වුණා.

කෙසේ වෙතත් පොලොන්නරුව දිස්ත්‍රික් ගොවිජන සේවා සංවර්ධන සහකාර කොමසාරිස්වරයා එම ස්ථානය පැමිණ ගොවි ජනතාව සමඟ සාකච්ඡා සිදුකළා.  ඉදිරි දින දෙක තුළ පොහොර මිටි 600 ක් ලබාදෙන බවට වූ පොරොන්දුව මත විරෝධතාව අවසන් කරමින් ගොවිජනතාව පිටව ගිය බව අප වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම මේ වන විට දිවයින පුරා පොහොර හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.  මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ පොහොර හිඟයක් ඇතිවී තිබෙන බව සත්‍ය කාරණයක් බවයි. කෙසේ වෙතත් පොහොර සමාගම් වෙත රුපියල් බිලියන 23 ක් ගෙවීමට ඇති බැවින් ඔවුන් පොහොර නිකුත් කිරීම ප්‍රතික්‍ෂේප කර ඇති බවයි. පසුගිය රජය සමයේ ණයට පොහොර ගැනීම තුළ මේ තත්ත්වය නිර්මාණය වී ඇතැයිද ඇමතිවරයා පැවැසුවා.

කෙසේ වෙතත් ඉතා කඩිනමින් මෙම ගැටළුව විසදීම සඳහා සාකච්ඡා සිදුකරමින් සිටින බවයි විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot