උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

උපාධිධාරීන් 50000 ට රැකියා - තවත් පිරිසකට ස්ථිර පත්වීම්.


උපාධිධාරීන් 50000 ට රැකියා - තවත් පිරිසකට ස්ථිර පත්වීම්.

2018 වසරේ අගෝස්තු 20 දින අභ්‍යාසලාභී පුහුණු කාලයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථීර කිරීමේ දී ඔවුන්ට මාස 04 ක කප්පාදුවක් සිදුවන බවත් එවැනි අසාධාරණ ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත් ඉල්ලමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය රාජ්‍ය පරිපාලන ඇමතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකළා. එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා කරුණු කිහිපයක් යටතේ යොමු කර ඇති එම ලිපියේ දැක්වෙන්නේ 2018.අගෝස්තු 20 දින අභ්‍යාසලාභී පත්වීම් ලැබූ උපාධිධාරීන් 2020.ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි ස්ථිර කිරීමට රජය තීරණය කර ඇති බවයි. එහෙත් 2018 අගෝස්තු 20 දින අභ්‍යාසලාභී පදනම යටතට ඇතුළත් වූ උපාධිධාරීන් 2019 අගෝස්තු 21 සිට ස්ථිර සේවයේ පිහිටුවිය යුතු බවයි චන්දන සූරියආරච්චි මහතා රාජ්‍ය පරිපාලන ඇමතිවරයාගේ අවදානයට යොමු කර තිබෙන්නේ.

අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරී ෂෂෂ ශේණියේ ස්ථීර කිරීමේ බලාත්මක දිනය අවම වශයෙන් 2019 සැප්. 01 දින වශයෙන් හෝ නම්කිරීමට කාරුණික වන ලෙසද එමගින් ඉල්ලා තිබෙනවා. එමෙන්ම අභ්‍යාසලාභී උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථීර කිරීමේ දී 2019 අගෝස්තු සිට 2019 දෙසැම්බර් දක්වා අහිමි වන මාස 04 ක සේවා කාලය ස්ථීර පත්වීමට ඇතුළත් වන විය යුතු බව එහි ඇතුලත් තවත් යෝජනාවක්.

මේ අතර උපාධිධාරීන් 50,000 කට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසුවා. බාහිර අභ්‍යන්තර භේදයකින් තොරව 2012 වසරේ සිට 2019 - 12- 31 දක්වා කාලයේදී උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.

පාසල් ගුරු පුරප්පාඩු, වාරිමාර්ග, ගොවිජන සංවර්ධන, ආයුර්වේද, මිනින්දෝරු ආදී දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ ආදියේ පුරප්පාඩු සඳහා මාර්තු 1 වැනිදා සිට මෙම පිරිස බඳවාගෙන වසරක පුහුණුවක් ද ලබාදෙන බව ඇමැතිවරයා පැවැසුවා. එමෙන්ම බඳවා ගන්නා උපාධිධාරීන්  වසර 5 ක දුෂ්කර සේවයට යොමු කරන බවද බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කළා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot