උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

ක්‍රිකට් ආතනයට කඩා වදින්නැයි ජනපතිට ඇරයුමක්.



ක්‍රිකට් ආතනයට කඩා වදින්නැයි ජනපතිට ඇරයුමක්.

සූදුකාරයින් රාජ්‍ය නායකයින්ට සමීප වීම ක්‍රිකට් ක්‍රීඩාව විනාශයට පත්වු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද එවැනිම ගොදුරක් වූ බවත්,  ඔහුගේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හරි මඟට ගැනීමට නොහැකි වූ බවද පෙන්වා දෙන අර්ජුන රණතුංග මහතා, වර්තමානයේදීද එයම සිදුවෙමින් පවතින බවද ප්‍රකාශ කළා.  

ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සමීප වෙමින් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යදුරයක්ද ලබාගැනීමට සමත්ව ඇතැයිද ඔහු පෙන්වා දෙනවා. මේ තත්ත්වය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමටනම් පුළුල් කැපකිරීමක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි අර්ජුන රණතුංග මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේ.

වර්තමාන ක්‍රිකට් ආයතනය හොරු රැලක ලැගුම් හලක් බවට පත්ව ඇතැයිද, වහාම පැමිණ එම ස්ථානයද නිරීක්‍ෂණය කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot