උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 8 February 2020

ලාංකිකයින් එක් දිනෙකදී ආහාර මෙට්‍රික් ටොන් 5000 ක් විසි කරයි.


ලාංකිකයින් එක් දිනෙකදී ආහාර මෙට්‍රික් ටොන් 5000 ක් විසි කරයි.

ලාංකික ජනතාව එක් දිනයක් තුළ ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 5000 ක් ඉවත දමන බව අනාවරණ වී තිබෙනවා. පරිසර හා වනජීවි අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මහත්මිය කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී මේ බව පැවසුවා.  ඇතැම් විදේශීය රටවල්වල ආහාරයට ගන්නා දේවල් ඉවත දැමුවහොත් දඩයක් පවා නියම කරන බවද පෙන්වා දුන්  සුජීවා ප්‍රනාන්දු මහත්මිය අවධාරණය කර සිටියේ ලංකාවේ ජනතාව කිසිදු හිතක් පපුවක් නොමැතිව ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉවත දමන බවයි. එමෙන්ම දිනකට මෙට්‍රික් ටොන් 9810 ක කසළ ප්‍රමාණයක් එකතු වන බවත් ඇය පෙන්වා දුන්නා. ඇය පෙන්වා දුන් තවත් කාරණයක් වූයේ එක් දිනකදී මෙරට පරිසර පද්ධතියට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 400 ක් බැහැර කිීරීමේ බරපතල තත්ත්වයක් පවතින බවයි.  කසළ කළමනාකරණය කිරීම සඳහා සියලුම පුද්ගලයින්ට වගකීමක් තිබෙන බවද සහකාර අධ්‍යක්ෂකවරිය පෙන්වා දුන්නා.

ඔමෙන්ම වසරකදී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 20,000 ක් පරිසරයට බැහැර කෙරෙන තත්ත්වයක් පවතින බවද එමගින් ඇති වන බලපෑම පිළිබඳ වත්මන් සමාජයට කිසිදු හැඟීමක් නොමැති ආකාරයක් නිරීක්‍ෂණය වන්නේ යැයිද පරිසර හා වනජීවි අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot