කොරෝනා හැදුනු 6000 ට අසාධ්‍යයයි - ෂී ජින් පින්, ට්‍රම්ප්ට කතා කරයි.
චීන ජාතික කාන්තාව හැර නව කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු රෝගියෙකු මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ස්ථාන කිහිපයකින් සැකපිට කිහිප දෙනෙකු රෝහල්කරා යොමු වී තිබුණද ඒ කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලදී අනාවරණ වුණා.
චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතින අතර කොරෝනා වෛරසය වැළදීමෙන් ජිවිතක්ෂයට පත්වූ පිරිස 724 ක් දක්වා ඉහළ ගොස් ඇති තිබෙනවා. ගෙවුණු පැය 24 තුලදී වෛරසය වැළදීමෙන් පුද්ගලයින් 80 ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මේ වන විට 35,000 ට වෛරසය ආසාධනය වී ඇති බවත්, ඒ අතරින් 6000 ට අධික පිරිසක් ආසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් චීන වාර්තා සඳහන් කළා.
මේ අතර කොරෝනා වෛරසය සඳහා නිසි ප්‍රතිකාර ක්‍රමයක් හදුන්වාදීම සඳහා තවත් වසරකට වැඩි කාලයක් ගතවිය හැකි බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් සරසවිය පවසනවා. එහි ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඖෂධයක් සෙවීම සඳහා වූ පරීක්ෂණ මේ වන විට සිදුකරමින් සිටින බවයි. එහෙත් ඖෂධයක් සොයා ගත් සැණින් එය භාවිතා කළ නොහැකි බවත්, එය වඩාත් පුළුල්ව අත්හදා බැලීමට කාලය අවශ්‍ය වන බවත් එම සරසවියේ විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් වෛරසයෙන් ආරක්ෂා වීමට යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපැදීම ඉතා වැදගත් බවද මුඛ ආවරණ පැලදීම පමණක් ඊට ප්‍රමාණවත් නොවන ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ශ්ලේෂ්මල ආසාදන හා ප්‍රතිශක්ති ඒකකය විසින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වුණා.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ චීනය මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකාවේ නිසි අවදානය යොමු වනු ඇති බවට චීනය විශ්වාසය පලකළා. චීන ජනාධිපති ෂීි ජින් පින් මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් මේ බව සඳහන් කර තිබෙනවා. කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට චීනය දරන උත්සාහය සදහා සම්පූර්ණ සහයෝගය ලබා දීමට එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා එකඟත්වය පළ කර ඇති බව විදෙස් වාර්තා පැවැසුවා.
No comments:
Post a Comment