රනිල් - මහින්ද අතර ගිවිසුමක් - මන්ත්‍රි අශෝක් කියයි.
රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර කිසියම් ගිවිසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව යම් යම් කාරණාවලින් පැහැදිලිවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි බලයක් ලබාදීම සඳහා පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය කිරීම එහි එක් කොටසක් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අශෝක් අබේසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉදිරි මහ මැතිවරණය සදහා නව සන්ධානයක් ගොඩනැගීමත්, එම සන්ධානයේ නම, ලාංඡන හා අපේක්ෂක ධූර බෙදා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් අවදානය යොමුකරන බවයි විපක්ෂ නායක කාර්යාලයේ රැදී සිටි එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකු සඳහන් කළේ.
No comments:
Post a Comment