උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

14 ට පෙර රැකියා සඳහා අයදුම් කරන්න - උපාධිධාරීන්ට දැනුම් දීමක්.



14 ට පෙර රැකියා සඳහා අයදුම් කරන්න -  උපාධිධාරීන්ට දැනුම් දීමක්.

රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ආරම්භකර තිබෙනවා. අයැදුම්පත් ඉදිරිපත් කිරීම පෙබරවාරි 14 වනදාට පෙර සිදුකළ යුතු බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරන්නේ.
රට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම උදෙසා තරුණ ප්‍රජාව තිරසර සංවර්ධන ක්‍රියාවලියට විශ්වසනීය හා තාර්කික පදනමක් මත දායක කර ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි එය ක්‍රියාවට නංවා ඇත්තේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගනු ලබන උපාධි හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් පසුගිය දෙසැම්බර් 31 වනදාට පෙර සම්පූර්ණ කර තිබිය ප්‍රධාන සුදුසුකම් වනවා. එදිනට වයස අවුරුදු 35 ට නොවැඩි රැකියා අපේක්ෂකයින් අයැදුම්පත ඉදිරිපත් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවෙකු ද විය යුතුයි. පූර්වාසන්න වසර තුනක කාලසීමාව තුළ රැකියාවක නිරත නොවූවෙකු ද විම ද මීට අයැදුම් කිරීමට තවත් සුදුසුකමක් වනවා. නිසි පරිදි සම්පූර්ණ කළ අයැදුම්පත් ලබන මස 14 වනදාට පෙර රැකියා විරහිත උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ හා සම්බන්ධිකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 1 යන ලිපිනයට යොමුකළ යුතුයි. තෝරා ගන්නා රැකියා ලාභියෙකුට වසරක පුහුණු කාලයක් තුළ රුපියල් විසිදහසක මාසික දීමනාවක් ලබාදෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 5 ක කාලයක් සේවය කිරීම අනිවාර්ය වනවා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot