උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 12 February 2020

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියන්ට නවක වදය ලබාදීමේ සිදුවීමට සම්බන්ධ සිසුවෙකුය පහරදීලා.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියන්ට නවක වදය ලබාදීමේ සිදුවීමට සම්බන්ධ සිසුවෙකුය
පහරදීලා.


යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවියන්ට නවක වදය ලබාදීමේ
සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සිසුවෙකුට ඊයේ(11) රාත්‍රියේ කිසියම් පිරිසක්
පහරදී ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ නවක වදය ලබාදීමේ සිදුවීම වෙනුවෙන් විමර්ශනයට
භාජනය වි තාවකාලිකව පන්ති තහනමකට ලක්ව සිටින යාපනය,මානිප්පායි ප්‍රදේශයේ
පදිංචි සිසුවෙකු වෙත එලෙස පහරදි ඇති අතර, අදාළ සිසුවාගේ නිවසේ භාණ්ඩ
කිහිපයකටද හානි සිදුකොට ඇති බවයි.
පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැමිණ අදාළ පහරදීම සිදුකොට ඇති බව
පහරකෑමට ලක්වු සිසුවාගේ ඥාතීන් පොලිසිය වෙත ප්‍රකාශ කොට තිබිණ.
පහරකෑමෙන් සිසුවා තුවාල ලබා ඇති අතර, තුවාලලත් සිසුවා යාපනය රෝහලට ඇතුළත්
කොට ඇති බවද යාපනය ආරක්ෂක අංශ පැවසූහ.
සිදුවීම සම්බන්ධයෙන් යාපනය,මානිප්පායි පොලිසියෙන් සිදුකල විමසීමකදි පොලිසිය
පැවසුවේ පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.
යාපනය විශ්ව විද්‍යාල කිලිනොච්චිය මණ්ඩපයේ නවක සිසුවියන් වෙත නිරුවතින් වීඩියෝ
දුරකථන ඇමතුම් ගන්නා ලෙසට සිදුකළ බලපෑමක් මත විශ්ව විද්‍යාලයේ සිසුන් අට දෙනෙකු
සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය හා විශ්ව විද්‍යාල කොමිෂන් සභාව
විසින් පරීක්ෂණයක් පවත්වන බව යාපනය විශ්ව විද්‍යාල සිසුන් පවසති.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot