උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

ජනතාවගෙන් හරසර මැද විශ්‍රාම ගිය අසහාය තැපැල්කරු සුනිල්.

ජනතාවගෙන් හරසර මැද විශ්‍රාම ගිය අසහාය තැපැල්කරු සුනිල්.

තැපැල් දෙපාර්තමේන්තුවේ ලියුම් බෙදන සේවයේ නිරතව සිටි
සේවකයෙකු විශ්‍රාම යද්දී මුළු ගමක් හඬා තෑගිබෝග ඔහුට
ලබාදී දන්සැල් පවත්වා ඔහුගේ සේවය ඇගයීමේ දුර්ලභ දසුනක්
සුගියදා දඹුල්ල තැපැල් කාර්යාලයට අනුයුක්ත කලුන්දෑව උප
තැපැල් කාර්යාලය ප්‍රදේශයෙන් වාර්තා විය.
තැපැල් කරුවෙකු වශයෙන් සිදු කළ අනුපමේය සේවය නිසා
දඹුල්ල කලුන්දෑව ප්‍රදේශයේ ගම්වාසීන් මෙම රාජ්‍ය සේවකයා
ඇගයීමට ලක් කිරීම ඔහු විසින් සිදු කළ සේවාව පිළිබඳව අගය
කිරීම ද මෙහි විශේෂත්වයක් විය.
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි එන්. සුනිල් ද සිල්වා ජයසේකර මහතා
කලුන්දෑව උප තැපැල් කාර්යාලය තැපැල් කරු වශයෙන් වසර
23 ක කාලයක් සේවය කොට වීශ්‍රාම යෑම පසුගියදා සිදු විය.
විශ්‍රාම යන දවසේ තමාගේ සේවය ලබාගත් ගමේ ජනතාව
උණුසුම් උත්සවයක් සංවිධානය කර තිබීනි එහිදී තැපැල් කරු
තම කතාවේදී දැඩි සංවේදී තාවයට පත්ව කඳුළු සලමින්
කතාකල කතා කිරීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා තැපැල් පාර්තමේන්තුව මීට පෙර සංවිධානය කොට
තිබූ හොඳම තැපැල් කරු තේරීමේ තරඟයේ ද සුනිල් ද සිල්වා
ජයසේකර මහතා දිවයිනේ ම සියලු තැපැල් කරුවන්ගෙන් ප්‍රථම
ස්ථානය හිමිකරගත් සේවකයෙකි. එමෙන්ම මධ්‍යම පළාතේ ද
වසර ගණනාවක් සුනිල් ද සිල්වා හොඳම තැපැල් කරු හැටියට
සම්මාන පිදුම්ලද සේවකයාද විය .
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් කරුවන් හරහා මේ
දිනවල විදුලි බිල ජල බිල දුරකථන බිල් ආදී රැස් කිරීම ආරම්භ

කොට තිබේ. එහෙත් සුනිල් ද සිල්වා ජයසේකර මහතා මීට
වසර විස්සකට එපිට සිට ඉතා දුෂ්කර කලුන්දෑව ප්‍රදේශයේ
ගම්වාසීන්ගේ මෙම සේවාව නොමිලේ සිදුකල අයෙකි.
ඔහු හොඳම තැපැල් කරු හැටියට තේරීම් ලබන්නේ ද මෙම
ක්‍රියාව නිසා වෙනි .ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව ජයසේකර
මහතා නොමිලේ ලබාදෙන සේවාව මේ වන විට සමස්ත තැපැල්
කරුවන් අතින් සමස්ත රටේ ජනතාවට ලබාදීමට ද පියවර
ගෙන තිබීම සුනිල් ද සිල්වා ජයසේකර මහතා ලැබූ සුවිශාල
ජයග්‍රහණයක් බව හඬා වැටෙමින් ඒ මහතා පැවසීය.
බොහෝ රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේදී තම කාර්යාලයේ
සහ හිතවතුන් පිරිසක් අතර සාදයක් පවත්වති. බොහෝ අයට
එම සාදය ද අහිමිය . එහෙත් දඹුල්ල කලුන්දෑව නම් වූ
ගම්මානයේ ජනතාව ඒකරාශී වී මෙම තැපැල් කරු ඇගයීමට
ලක් කිරීම ප්‍රණාමයට ලක් කිරීම විශේෂත්වයකි.
ගම්මානයේ සිටී වැඩිහිටි බොහෝදෙනෙක් මෙම තැපැල් කරුට
දැඩි ලෙස ආදරය කරන්නට වූයේ තැපැල් කරු වශයෙන් ලියුමක්
රැගෙන ගොස් නිවසට ලබාදීම නිසා පමණක් නොව
වැඩිහිටියන්ට ලැබෙන මහජන ආධාරය වැඩිහිටි දීමනා පිං
පඩිය ආදී ඔවුන් තැපැල් කාර්යාලයට ඇවිත් කරගන්න බොහෝ
කාරණා සුනිල් ද සිල්වා මහතා ඔවුන්ගේ නිවෙස් වලට ගොස්
වසර 23 ක කාලයක් සිදුකර තිබීම ගැන ගම්මුන් දැඩි සතුටින්
වේදනාවෙන් කතා කරන්නට වූහ.
සුනිල් ද සිල්වා ජයසේකර මහතා විශ්‍රාම ගැන්වීමේ උත්සවේදී
ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ට රාජ්‍ය සේවයේ සිදු කළ
කැපකිරීම කියා දී තෑගිබෝග ලබාදීමද සුනිල් ද සිල්වා
ජයසේකර මහතාට ගමේ ජනතාව තෑගිබෝග ලබාදීමද
එමෙන්ම ගම්මුන් විසින් සුනිල් ජයසේකර මහතා ඇතුළු පිරිසට
මෙන්ම ගමේ අයට ද දිවා ආහාරය ලබා දීම ද මෙහිදී සිදු
කෙරිණි.
ඔහු වෙනුවෙන් කවි ගීත ගායනා කොට ජයසේකර මහතා
සතුටු කර යැවීමටද කළුන්දව ගම්මුන් අමතක නොකළහ ,
එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන්
විජේරත්න මහතා මෙම අවස්ථාවට පැමිණ රාජ්‍ය සේවකයෙකු

මෙතරම් අගය කිරීම ජනතාව සිදුකරනු ලබන්නේ හදවතින්
බවත් මෙවන් රාජ්‍ය සේවකයින් රටට අවැසි මොහොතක ඔවුන්
විශ්‍රාම ගැන්වීම ජනතාවට පමණක් නොව රටටද පාඩුවක් බව
හෙතෙම සඳහන් කළේය.
මෙහිදී ප්‍රදේශ වාසිහුද තැපැල් කරුගේ සිදුවූ සේවය මිනිසත්
කම වැටුපට වඩා ඒ මහතා කල සේවය ගැන ගුණ කතන
කරන්නට වුයේ පැරණි සිද්දීන් රැසක්ද සිහියට ගන්වමිනි .









No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot