එම් සී සී, ඇක්සා සහ සෝෆා යන ගිවිසුම් වහාම අවලංගු කිරීම
අස්ගිරි මහා විහාරයේ දී ඒ පිළිබඳ කරුණු දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි හමුවේ අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවාදී සෑම ක්‍රියාවලියකදීම රජයට සහය ලබාදෙන බවයි.
එමෙන්ම, එම් සී සී, ඇක්සා සහ සෝෆා යන ගිවිසුම් වහාම අවලංගු කිරීම ජනාධිපතිවරයාගේ සහ රජයේ වගකීම බවද සජිත් ප්‍රේමදාස මහතා
මහ නාහිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නය හමුවේ ප්‍රකාශ කළා.
මේ අතර 2007 වසරේ පැවති රජය විසින් අත්සන් තැබූ බව කියන ඇක්සා ගිවිසුම මගින් රට හමුවේ බරපතල අනතුරක් නිර්මාණය වී ඇතැයි ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.
අමෙරිකාව සහ ඉරානය අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවහොත් ශ්‍රී ලංකාව ද සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමේ අවදානමක් පවතින බවයි ඔහු ප්‍රකාශ කළේ.
No comments:
Post a Comment