සිරිකොතේ ගිනි ඇවිලෙයි ? සජිත්ගෙනුත් මන්ති‍්‍රවරුන්ට කැඳවීමක්.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡාව මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙනවා.
සිරිකොත අවට විශේෂ ආරක්ෂාවක් ද සලසා ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ඉදිරි මැතිවරණයට ජාතික සන්ධානයකින් ඉදිරිපත් වීම පිළිබඳ තීරණ ගැනීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබෙනවා.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් දෙකක් නායකත්වය සම්බන්ධයෙන් විවිධ මතවල සිටින පසුබිමකයි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ.
විදෙස්ගතව සිටි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද අද පෙරවරුවේ දිවයිනට පැමිණ ඇත්තේ මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීමටයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් 70 % ක් පමණ සජිත් ප්‍රේමදාස මහතා වෙත පක්ෂ නායකත්වය හිමි විය යුතු බවට මේ වන විටත් යෝජනා කර තිබෙනවා.
කෙසේ වෙතත්, රනිල් වික්‍රම සිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු කණ්ඩායමකට පක්ෂ නායකත්වය වෙනස් කිරීමේ ව්‍යවස්ථාමය බලයක් නොමැති බවයි.
එමෙන්ම, මේ මොහොතේ පක්ෂයේ නායකත්ව වෙනසක් සිදු නොවිය යුතු බව ද ඔවුන්ගේ අදහසයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා වී එෆ් එම් ප්‍රවෘත්ති වෙත
කියා සිටියේ මේ මොහොතේ පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත
ලබා නොදෙන්නේ නම්, පක්ෂයේ අනාගතය පිළිබඳ බරපතල ගැටලුවක් නිර්මාණය වන බවයි.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් සඳහා වූ දේශපාලන ව්‍යූහයක් සකස් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් විකල්ප ක්‍රියාවලියකට අවතීර්ණ වීමට සිදුවනු
ඇතැයි ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පැවසුවා.
දැන් සිරිකොතදී පැවැත්වෙන සාකච්ඡාව නිමාවීමෙන් අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ දී තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට හිතවත් මන්ත්‍රිවරුන් සහ බාහිර කිහිප දෙනෙකු අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
No comments:
Post a Comment