උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 17 January 2020

නඩු පැවරීමෙන් පමණක් විනාශකාරී ග්ලයිෆොසේට් පාලනය කළ නොහැකි

නඩු පැවරීමෙන් පමණක් විනාශකාරී ග්ලයිෆොසේට් පාලනය කළ නොහැකි

වැටලීම් සහ නඩු පැවරීමෙන් පමණක් විනාශකාරී ග්ලයිෆොසේට් පාලනය කළ නොහැකි බව පලිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය පවසනවා.

වල් නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆොසේට් මීට වසර කිහිපයකට පෙර තහනම් රසායනිකයක් ලෙස නම් කළේ එහි බලපෑම් වකුගඩු ඇතුලු මාරාන්තික රෝග ව්‍යාප්ත වන බවට පර්යේෂකයින් අනතුරු ඇගවීමත් සමගයි.

කෙසේ වෙතත්, එම තහනම නොතකමින් අධික ලාභ ලැබීම උදෙසා ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් නීති විරෝධි ලෙස ග්ලයිෆොසේට් මෙරටට ගෙනඒමේ තත්ත්වයක් මේ වන විට නිරීක්ෂණය වී තිබෙනවා.

පලිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය පෙන්වා දෙන්නේ මෙම වල් නාශකය තහනම් කළද ඒ සඳහා ඇති ඉල්ලුමේ අඩුවක් නොමැති බවයි.

එබැවින්, ව්‍යාපාරිකයින් මේවා ඉන්දියාවෙන් ගෙන්වා මෙරට දී වැඩි මිලට අලෙවි කරන තත්ත්වයක් පවතින බව පලිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලයේ පර්යේෂණ අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ලසන්ත රත්නවීර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඉන්දියාවෙන් ග්ලයිෆොසේට් ගෙන්වන ජාවාරම මැඩපැවැත්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot