උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 5 January 2020

හපුතලෙන් නැවතුනු ගුවන් භටයින් නිසලට නිවෙස් වෙත පැමිණෙයි.


හපුතලෙන් නැවතුනු ගුවන් භටයින් නිසලට නිවෙස් වෙත පැමිණෙයි.

හපුතලේ ප‍්‍රදේශයේ දී සිදුවූ ගුවන් යානා අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා සාමාජිකයින්ගේ සිරුරු මේ වනවිට ඔවුන්ගේ ඥාතීන් වෙත බාර දි තිබෙනවා. මෙම අනතුර සිදුවුණේ පෙරේදා උදෑසන 9.15 ටයි.

මිය ගිය ගුවන් හමුදා නිලධාරීන්ගෙ සිරුරු පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය බදුල්ල මහ රෝහලේදී ඊයේ සිදු කෙරුණේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සදකැන් වඩුගේ මහතාගේ අධීක්‍ෂණය යටතේයි. ගින්නෙන් සිරුරු දැඩි ලෙස පිළිස්සීම හේතුවෙන් ඥාතීන්ට පවා එම සිරුරු හදුනාගැනීමට නොහැකි වූ බවට තොරතුරු වාරතා වුණා.  තිදෙනෙකුගේ සිරුරු හදුනාගෙන ඇත්තේ දත් පිළිබද සිදුකළ විශේෂ පරික්ෂණයකින් අනතුරුවයි.


ගුවන් යානය ඊයේ අනතුරට පත්වන අවස්ථාවේ එහි නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ බලගණ නායක බුද්ධි වීබැද්ද මහතායි. සහය ගුවන් නියමුවා ලෙස කටයුතු කළ බලපන්ති නායක ලංකාපුර කුලතුංග,  ගුවන්භට එල්.ඒ .සී හෙට්ටිආරච්චි සහ සැරයන් ඞී .ඩබ්ලිව්.කුමාර යන නිලධාරීන්ද මෙම අනතුරෙන් ජීවිතක්‍ෂය පත්වුණා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot