අලුත් අවුරුද්දේ පාසල්වලට අලුත් පරපුරක්.
2020 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ කටයුතු ලබන 16 වැනි දා සිදු කිරීමට නියමිතයි. එහි ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ විල්ගමුව ධර්මප‍්‍රදීප කණිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ජාතික උත්සවයට සමගාමීව දිවයිනේ සියලූ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එච්.එම් චිත‍්‍රානන්ද මහතා සඳහන් කළා.
ඔහු පෙන්වා දුන්නේ සෑම ළමයෙකුටම පළමු ශ්‍රේණිය සඳහා පාසලක් ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි.
මේ අතර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල මත 6 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු හෙට සිට 17 වැනි දා දක්වා සිදු කිරීමටද නියමිතව තිබෙනවා.
No comments:
Post a Comment