උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

ප්‍රාදේශීය විසිරි සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ ගැටළු ගැන අගමැතිගේ අවධානයට

ප්‍රාදේශීය විසිරි සිටින වෘත්තීය
ජනමාධ්‍යවේදීන් ගේ ගැටළු ගැන
අගමැතිගේ අවධානයට.

2020.01.23
දිවයිනේ සමස්ත ජන මාධ්‍යවේදීන් හට රක්ෂණ ක්‍රමයක්
හඳුන්වාදීම සහ දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශීය වෘත්තීය
ජනමාධ්‍යවේදීන් හට මාසිකව ගෙවනු ලබන දීමනා නිසි පරිදි
ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග
කඩිනමින් සාකච්ඡා ආරම්භ කොට නව වැඩපිළිවෙලක්
ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මහතා 22 දින පාර්ලිමේන්තුවේ සිය
කාර්යාලයේදී පැවසීය.
ප්‍රාදේශීය විසිරි සිටින මාධ්‍යවේදීන් හට ඇති අවාසනාවන්ත
ඉරණම පිළිබඳව සහ සමස්ත මාධ්‍යවේදීන් විවිධ ගැටළු
අනතුරු වලට මුහුණ දෙන අවස්ථාවන් රැසක් පිළිබඳව
මාධ්‍යවේදී ජාතික එකමුතුවේ ජාතික සංවිධායක හා මාධ්‍ය
සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක
මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා විසින් අගමැති
මහින්ද රාජපක්ෂ මහතාව දැනුවත් කිරීමෙන් අනතුරුව
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසිය .
මාතලේ පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක්
පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ වැඩසටහනකට එක්වීමෙන්
පසු සභානායක කාර්යාලයේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු

සංනිවේදන අංශ ප්‍රධානී මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා
විසින් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට
පාර්ලිමේන්තු කාර්යාලයේදී අගමැති වරයා සමග මෙම හමුව
පැවැත්වීමට අවශ්‍ය ඉඩකඩ පහසුකම් සපයා දී තිබිණි.
මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ මාධ්‍යවේදී
කාංචන කුමාර ආරියදාස මහතා විසින් කියා සිටියේ ප්‍රාදේශීය
විසිරී සිටින මාධ්‍යවේදීන් රැසක් ගැටළු රැසකට මුහුණ පා
තිබෙන බවය.
කෙසේ වෙතත් මෙම වෘත්තීය මාධ්‍යවේදීන් හට හදිසි
අවශ්‍යතාවයකදී අසරණ වන බවත් මේවනවිටත්
පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ කරුණාරත්න
ගමගේ මහතා රිය අනතුරකට ලක්ව කිසිදු අයකුගේ
අවධානයක් නොමැතිව එක්තැන් වී සිටින බවද ඒ ආකාරයෙන්
වෘත්තීය ජනමාධ්‍යවේදීන්රැසක් සිටින බවද බොහෝ දෙනකු මිය
පරලොව ගිය බව පෙන්වා දුන්නේය.
මෙහිදී සමස්ථ මාධ්‍යවේදීන් හට ද විවිධ අනතුරු රැසක් සිදුවන
බවත් එම අවස්ථාවන්හිදී පෞද්ගලිකම මාධ්‍යවේදීන්ට ඒවා විඳ
දරා ගැනීමට සිදුව ඇති බව ද මාධ්‍ය මෙවලම් මිලදී ගැනීම
සදහා ප්‍රාදේශීය විසිරී සිටින මාධ්‍යවේදීන් හට බදු සහන
ක්‍රමයක් හදුන්වා දෙන්නැයි කාංචන කුමාර ආරියදාස මහතා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේය.
වෘත්තීය මාධ්‍යවේදීන් හට සිය වෘත්තියේ ගෞරවය ආරක්ෂා
කර ගනිමින් වෘත්තිය වෙනුවෙන් ගෙවන ගෙවීම් පිළිබඳව නිසි
ලෙස කිසිවෙක් ගේ අවධානයක් යොමු නොවන බවත් මේ
පිළිබඳව කඩිනමින් අවධානය යොමුකොට මාධ්‍යවේදීන් හට
මාසිකව ගෙවන මුදල නිසි කලට වේලාවට ලබා ගැනීම සඳහා
ඔවුන් හට වෘත්තීය යක් ලෙස ඉදිරියට සිදුකරගෙන යෑම සඳහා
අවශ්‍ය නීතිමය පියවර ලබා දෙන්නැයි ද ඉල්ලීමක් කළේය.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව
කඩිනමින් අවධානය යොමු කොට මාධ්‍ය ආයතන ප්‍රධානීන්
අයිතිකරුවන් සහ වගකිව යුතු ආයතන සමග සාකච්ඡාවක්
පවත්වා වෘතීය මාධ්‍යවේදීන් හට ලබා දෙන මාසික දීමනාව සහ
ගෙවීම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට හා ඔවුන් වෘත්තිකයන්

ලෙස පිළිගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මැදිහත් වන
බවත් සමස්ත මාධ්‍යවේදීන් හට නව රක්ෂණ ක්‍රමවේදයක්
හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගන්නා බවඅගමැති වරයා
පැවසිය .
මෙම අවස්ථාවට මාතලේ පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ භාපති
ගැමුණු ධර්ම ශ්‍රී හේරත් ලේකම් මහේෂ් කිර්ති මහත්වරු
ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විස්සකට
වැඩි පිරිසක් එක්ව සිටියහ .
මේ මාධ්‍ය කණ්ඩායමට පාර්ලිමේන්තුවේ කටයුතු සහ ක්‍රියා
කලාපයන් පිළිබඳව දැනුවත් කිරීම සිදුකෙරුණු අතර
සංනිවේදන අංශ ප්‍රධානී මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා
ඇතුළු පිරිස මෙය සංවිධානය කොට තිබිණි.
මෙහිදී ශාන් විජේතුංග මහතා කියා සිටියේ පාර්ලිමේන්තු
ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු කටයුතු හා
ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ
වැඩසටහනක් ආරම්භ කර තිබුණු බවය.
ඒ අනුව දිවයිනේ ඕනෑම මාධ්‍ය සංවිධාන වලට ඉල්ලීමක්
කළහොත් එක දිනක් යොදාගෙන පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය
පිළිබඳව ප්‍රාදේශීය විසිරී සිටින මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට
අවශ්‍ය පියවර ගැනීමට හැකි බවය.
පින්තුර

01 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට මාධ්‍යවේදීන්ගේ
ප්‍රශ්න ගැටළු පිළිබධව මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස
මහතා දැනුවත් කල අවස්තාව

02 මාතලේ මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
සමග සමුහ ච්යාරුපයකට එක්ව සිටීම




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot