උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

ජනපතිගෙන් පොලීසියට උපදෙස් ....


ජනපතිගෙන් පොලීසියට උපදෙස් ....

අත්අඩංගුවට ගැනීමේ දී සියලුදෙනාට සමානව
සලකන්නැයි


අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු
බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙයි. කුමන හේතුවක් නිසා හෝ බාහිර
අරමුණු මුල්කොටගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් එතුමා
අවධාරණය කරයි.
කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළයුත්තේ අදාළ වගකීම ඉටුකරන
නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුවය. එකී කාර්ය ස්වාධීනව සහ කිසිදු බිය
ගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් හෝ තොරව සිදුවන බවට සහතික කරගතයුතු
යැයි ද වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතාට උපදෙස් දී ඇත.
“අත්අඩංගුවට ගැනීම දඬුවමේ කොටසක් නොවේ අත්අඩංගුවට ගනු ලැබීම
පුද්ගල කීර්තියට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් කරන ක්‍රියාවකි. එබැවින්
පොලීසිය ඉතා සුපරීක්ෂාකාරීව හා නීතියට අනුකූලවම ක්‍රියා කළයුතුය”
ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි
වෘත්තිකයන් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් ඔවුන්ට නිසි
‍‍‍ගෞරවයෙන් යුතුව කටයුතු කළයුතුය. දූරදර්ශීව රාජකාරී ඉටු කරන ලෙසත්
අවශ්‍ය අවස්ථාවල නීතිපති උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසත් ජනාධිපති
ලේකම්වරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot