ඉන්දන පොලිම්
අද උදෑසන සිට ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසල ඉතා විශාල තදබදයක් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
උතුරු ප්‍රදේශවල ජනතාව මෙලෙස ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටින බවයි ඔවුන් කියා සිටියේ.
හදිසියේම ඉන්ධන හිඟයක් ඇති වනු ඇතැයි ජනතාව තුළ ආරංචියක් පැතිර යාමත් ඊට හේතුවී ඇති බව සඳහන්.
ඉරාන, ඉරාක හා ඇමරිකාව අතර හටගෙන ඇති අර්බුදය හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වන බවට එලෙස ආරංචිය පැතිර ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් ඉන්ධන රැස් කර ගැනීම සදහා උතුරේ ජනතාව උත්සහ දරමින් සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වන්නේ නැහැ.
No comments:
Post a Comment