උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 9 January 2020

හදිසියක් වුනොත් ලංකාවට යන්න ලෑස්තිවෙන්න - මැදපෙරදිග ලාංකිකයින්ට නිවේදනයක්.

හදිසියක් වුනොත් ලංකාවට යන්න ලෑස්තිවෙන්න - මැදපෙරදිග ලාංකිකයින්ට නිවේදනයක්.

මැදපෙරදිග කලාපයේ අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් එම කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සුපරික්ෂාකාරීව කටයුතු කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් රවිනාත ආරියසිංහ මහතා මැදපෙරදිග තානාපති කාර්යාල ඇතුලු
දූත මණ්ඩල ප්‍රධානීන් වෙත දැනුම්දී ඇත්තේ මැදපෙරෙදිග කලාපයේ වෙසෙන ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසයි.

මැදපෙරදිග කලාපයේ රැදී සිටින ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව ලක්ෂ 10 කට ආසන්නයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දෙලක්ෂයක් දල කටාර් හි එක්ලක්ෂ අසූදහසක්ද, සෞදියේ එක්ලක්ෂ තිස්හත්දහසක්ද, කුවේට්, ඕමාන් සහ බහරේන් යන රාජ්‍යවල එක්ලක්ෂ හැටදහසක්ද වශයෙන් ලාංකිකයින් විවිධ රැකියාවල නිරතව සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා.

ඒ අනුව එම රටවල් ඇතුලු රාජ්‍යයන් 12 ක සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුලත් විශේෂ චක්‍රලේඛයක් විදේශ කටයුතු ලේකම්වරයා විසින් එම රටවල වෙසෙන දූත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කර තිබෙනවා.

එමෙන්මල සෞදි අරාබියේ වෙසෙන ලාංකිකයින්ට ආරක්ෂාව සම්බන්ධයෙන්
එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විටත් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ජනතාව බහුල ප්‍රදේශවල රැදී නොසිටින ලෙස එමඟින් විශේෂයෙන් දැනුම් දී ඇති අතර ස්වකීය විදේශ ගමන් බලපත්‍රය සෑම විටම සූදානම් කර ළග තබාගන්නා ලෙස ද සෞදි අරාබියේ ලාංකිකයින් වෙත වැඩිදුරටත් දැනුම් දෙනවා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot