උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday, 14 January 2020

රත්නපුරේ සුළු මැණික් ව්‍යාපාරිකයින් කබලෙන් ලිපට.


රත්නපුරේ සුළු මැණික් ව්‍යාපාරිකයින් කබලෙන් ලිපට.

සුළු පරිමානයෙන් මැණික් ව්‍යාපාරයේ නිරතව සිටින සාමාන්‍ය ජනතාව එම ව්‍යාපාරයෙන් ඉවත්වීම හේතුවෙන් රත්නපුරයේ ආර්ථිකය බරපතල කඩා වැටීමකට ලක්වෙමින් තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ති‍්‍ර පේ‍්‍රමලාල් ජයසේකර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ සුළු පරිමාණයෙන් මැණික් ගැරීමේ නිරතවන සාමන්‍ය ජනතාව ඉලක්ක කර නිරන්තරයෙන් සිදුවන පොලිස් වැටලීම් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි. මෙම තත්ත්වය තුළ රත්නපුර දිස්ති‍්‍රක්කයේ සාමාන්‍ය ජනතාව එම කර්මාන්තයෙන් ඉවත්වෙමින් සිටින බවත්, එය පවුල් ආර්ථිකය බිඳවැටීමට ප‍්‍රධාන හේතුවක් වී ඇති බවත් පේ‍්‍රමලාල් ජයසේකර මහතා පෙන්වා දෙනවා.
සුළු පරිමාණ මැණික් ව්‍යාපාරිකයින් මුහුණ දී ඇති ගැටළු පිළිබඳ අවදානය යොමු කරමින්  එරබද්ද ප‍්‍රදේශයේදී පැවැති සාකච්ඡුාවකදී ඔහු මේ බව සඳහන් කළා.
කුඩා ඇල දොල ගංගා ආශී‍්‍රතව කූඩ සහ වට්ටි යොදා ගෙන කරණු ලබන මෙම මැණික් කර්මාන්තය ප‍්‍රදේශයේ විශාල ජනතාවකගේ දෛනික ආදායම් මාර්ගය බවට පත්ව තිබූ බවත්, වර්තමානයේ අඛන්ඩව සිදුවන වැටලීම් හේතුවෙන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්ව සිටින බවත් ඔහු පෙන්වා දෙනවා.  ඇතැම් අවස්ථාවලදී මෙම වැටලීම් ජනතාවට හිරිහැරයක් වන ආකාරයෙන් සිදුවන බවද  පැමිණිලි ලැබී තිබෙනවා.
සාමාන්‍ය ජනතාව කලක පටන් මෙම වෘත්තියේ නිරත වෙමින් ඉතා සුළු මුදලක්  දෛනිකව උපයා ගැනීමට සමත් වුවද මේ වන විට එම ආදායමද ජනතාවට අහිමි වී ඇතැයිද අවධාරණය කළ මන්ති‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කොට කඩිනමින් ස්ථිර විසදුමක් ජනතාවට ලබාදෙන බවයි. 






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot