උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday, 14 January 2020

පෙම්වතාගෙන් වෙඩි - පෙම්වතිය මරුට. අම්මත් රෝහලේ


පෙම්වතාගෙන් වෙඩි - පෙම්වතිය මරුට. අම්මත් රෝහලේ.

වරකාපොළ, දොරවක ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇගේ මව බරපතල තුවාල සහිතව රෝහල්ගත කළ බවයි පොලිසිය පැවැසුවේ. අද උදෑසන 5.30 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි ද පොලීසිය සඳහන් කළා. 22 හැවිරිදි තරුණියක සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පේ‍්‍රම සම්බන්ධයක් මෙම වෙඩි තැබීමට ප‍්‍රධාන හේතුව වී ඇති බවයි මූළික පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ. අදාල තරුණයා විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවද පොලිසියේ සැකයයි. තරුණියගේ මව හා පවුලේ සාමාජිකයින් මෙම සම්බන්ධයට විරුද්ධත්වය ප‍්‍රකාශ කර ඇති බවත් එම තත්ත්වය තුළ අදාල තරුණයා කෝපයට පත්ව සිටි බවත් පවුලේ සාමාජිකයින් ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධීයක් ජාඇල, තුඩැල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. දියණියගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවත්, සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot