උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 18 January 2020

බහුතර ජන්ද සංඛ්‍යාවක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට

 බහුතර  ජන්ද සංඛ්‍යාවක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට

එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් සහ බහුතර
ජන්ද සංඛ්‍යාවක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බවත්, ඉදිරියේදි
පැවැත්වෙන මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය
සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට
ලබා දිය යුතු බව ජාතික මහජන සභාව මාධ්‍යය හමුවක් පවත්වමින්
පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් සහ බහුතර ජන්ද සංඛ්‍යාවක්
තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා වටා බවත්, එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක
රනිල් වික්‍රමසිංහ මහතා පසුපස නොයා එක්සත් ජාතික පාක්ෂිකයන් සියළු දෙනා
සජිත් ප්‍රේමදාස මහතා වටා එක් විය යුතු බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු
චමිර පෙරේරා මහාතා පැවසිය.
චමිර පෙරේරා මහතා එ බැව් කියා සිටියේ (16) දින ජාතික මහජන සභාව විසින් හැටන්
නගරයේ මාධ්‍යය හමුවක් පවත්වමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු චමිර පෙරේරා මහාතා කියා සිටියේ එක්සත් ජාතික
පක්ෂයේ නායකත්වය සහ මහ මැතිවරණය පදනම් කරගෙන ඉදිරියේදි ඇති කිරිමට
නියමිත සන්ධානයේ නායකත්වයද සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බවයි.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහස දක්වා රජය විසින් වැඩි කිරිමට ගෙන ඇති
තිරණය වතු කම්කරුවන්ගේ ජන්දය ලබා ගැනිමේ අරමුණින් වතු කම්කරුවන් මුලා කිරිමට
ගත් උත්සහයක් බවයි චමිර පෙරේරා මහතා කියා සිටියේ.
වතු සමාගම් සමග සාකච්ඡා නොකර මාර්තු 1 දින ආණ්ඩුව විසුරුවා හරින දිනයේ වතු
කම්කරුවන්ගේ වැටුප මාර්තු මස සිට වැඩි කරන බවට කර ඇති තිරණය කිසිසේත්
පිලිගත නොහැකි බවයි චමිර පෙරේරා මහතා කියා සිටියේ.
රජය බලයට පත්වි මාසයක් ඇතුලත ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදිහත් වි සිටින
බවත්, රටේ වටිනාකමින් වැඩි ඉඩම් මේ වන විට පිටරටවල් වලට විකිණිමේ කටයුතු වල
නියැලි සිටින බවයි චමිර පෙරේරා මහතා කියා සිටියේ .






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot