ඇවන්ඞ්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති යන අය ඇපමත මුදාහරි
ඇවන්ඞ්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති යන අය ඇපමත මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ
ශරීර ඇප දෙකක් මතයි ඔහු මුදාහැරුණේ.
එමෙන්ම, විදේශගත වීම තහනම් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
ගාලු වරාය ආසන්නයේ නෞකාවක් තුළ බලපත්‍ර රහිත ගිනි අවි 813 ක් සහ
උණ්ඩ දෙලක්ෂ නවසිය තිස්පහක් සන්තකයේ තබා ගැනීම ඇතුලු චෝදනා
7573 ක් යටතේ ඔහු ඇතුලු තවත් පිරිසකට එරෙහිව නඩු පවරා තිබුණේ නීතිපතිවරයා විසින්.
මේ අතර එලෙස නඩු පවරා තිබූ 5 දෙනෙකු නිදහස් කරන ලෙසද
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න යන අයද
ඒ අතරට ඇතුළත්.
No comments:
Post a Comment