උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 18 January 2020

විපක්ෂ නායකවරයාගේ නායකත්වය යටතේ මහ මැතිවරණයට

විපක්ෂ නායකවරයාගේ නායකත්වය යටතේ මහ මැතිවරණයට

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුලුල් සන්ධානයක නායකත්වය භාර ගනිමින් ඉදිරි මහ මැතිවරණයට අදාළ කටයුතු සංවිධාන කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම්දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලැබීම හෝ නොලැබීම කෙසේවෙතත්, විපක්ෂ නායකවරයාගේ නායකත්වය යටතේ මහ මැතිවරණයට අවතීර්ණ විය යුතු බවයි ඔවුන් පෙන්වා දී තිබෙන්නේ.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි මන්ත්‍රිවරුන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බව දේශපාලන ආරංචි සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් හෝ එම පක්ෂයේ බහුතර නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පුලුල් සන්ධානයක් නිර්මාණය කොට
එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත පැවරීම එම මන්ත්‍රි කණ්ඩායමේ යෝජනාව වී තිබෙනවා.

කෙසේවෙතත්, සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් කුමන අදහසක් පළකළේ ද යන්න වාර්තා වූයේ නැහැ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආණ්ඩු විරෝධි ජනරැලි මාලාවක් සංවිධාන කිරීමට ද තීරණය කර ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

එහි පළමු රැලිය ලබන 23 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත බවයි එම ආරංචි සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුවී තිබෙන ගැටලුව නිරාකරණය කරගැනීමේ තවත් විශේෂ සාකච්ඡාවක් අනිද්දා පැවැත්වීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා කරූ ජයසූරිය යන නායකයින් අතර
එම සාකච්ඡාව පැවැත්වීමෙන් අනතුරුව නායකයා කවුරුන් ද යන්න පිළිබඳ අවසන් තීරණය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බවයි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ සඳහන් කර තිබුණේ.

මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ මේ මොහොතේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති වගකීමක් බවයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot