උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 18 January 2020

කාර්යක්ෂම ජනතා සේවාවක් උදෙසා සියලු රාජ්‍ය
ආයතන එකම දත්ත ජාලයකට ....

ජනපතිගෙන් උපදෙස්
 ඊ- පාලනයක් මගින් රාජ්‍ය සේවා සැලසීමට පියවර ...
 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහාම යාවත්කාලීන කෙරේ
..
 රාජ්‍ය සේවයට දක්ෂයන්ගෙන් සැදුම්ලත් “නිපුණතා
සංචිතයක්” ...
රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය
පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත
ජාලයකට යොමු කිරීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙයි.
සේවාලාභියා, සේවා සපයන්නා ළගට යනවා වෙනුවට අන්තර්ජාලය මගින්
අදාළ සේවා සහ අනුමැතීන් සපයන ක්‍රමවේදයක් කඩිනමින් සකසන්නැයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (17) දහවල් ජනාධිපති
කාර්යාලයේ දී අමාත්‍යාංශ ලේකම්වරුන් සහ තොරතුරු තාක්ෂණ බලධාරීන්
සමග පැවති සාකච්ඡාවේ දී උපදෙස් දුන්නේය.
ඒ අනුව සියලු රාජ්‍ය ආයතන සතු දත්ත ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන
තාක්ෂණ ආයතනයේ පූර්ණ මැදිහත්වීමෙන් එක් රැස් කෙරේ. ජනතාවට
වඩාත් සමීප සියලුම රාජ්‍ය ආයතනවලට ප්‍රමුඛතාව දෙමින් ජාලගත කිරීම
සිදු වේ.
නව ක්‍රමවේදය මගින් තාක්ෂණය සහ අන්තර්ජාලය භාවිතයෙන්
හැඳුනුම්පත්, රියැදුරු හා ගුවන් ගමන් බලපත්‍ර, උප්පැන්න, විවාහ හා මරණ
සහතික ලියාපදිංචි කිරීම සහ රජයේ ඉඩම් ඔප්පු ඇතුළු ක්ෂේත්‍ර රැසක
සේවා කඩිනමින් ඉටුකර ගැනීමට හැකිය.
දත්ත එක් පද්ධතියකට ගැනීමෙන් කාලය අවම කර අකාර්යක්ෂමතාව සහ
දූෂණය වළක්වා ගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. බදු අය
කිරීමේ සිට විශ්‍රාම වැටුප දක්වා වූ ක්ෂේත්‍ර රැසක ක්‍රියාකාරකම්
ස්වයංක්‍රීයකරණයෙන් (Automation) ඉටු කර ගැනීමට අවකාශය සැලසීම
මෙහි මූලික අපේක්ෂාවයි.
දත්ත එක් රැස්ව තිබීමෙන් රටකට බලපාන ප්‍රධාන තීන්දු තීරණ ගැනීමේ දි
නිවැරදි විශ්ලේෂණයක් කළ හැකි බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
සාමාන්‍ය ජනතාව සිය අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී රාජ්‍ය ආයතනවල
සිදුවන ප්‍රමාදය සම්පූර්ණයෙන් වළකා ගැනීමට ද මින් හැකි වේ.
1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඔස්සේ ජනතාවට තොරතුරු සන්නිවේදනය
යළි සක්‍රීය කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.

02

රටේ වේගවත් අභිවෘද්ධියක් වෙනුවෙන් ආයතන රැසක ප්‍රධානීන්
ලෙස විෂයානුබද්ධ විද්වතුන් පත් කර ඇත. ඔවුහු බොහෝ දෙනෙක්
වැටුප් රහිතව රට වෙනුවෙන් සේවයට කැපවී සිටිති. ඔවුනට රාජ්‍ය
නිලධාරීන් උපරිම සහාය දිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය
කළේය.
කඩිනමින් පණ ගැන්විය යුතු ආයතන රැසකට ප්‍රධානීන් පත් කිරීමේ
දී අදාළ ක්ෂේත්‍රයේ දක්ෂතා ඇති අය පිළිබඳ තොරතුරු ගොනුවක්
නොතිබීම බාධාවකැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවයේ සිටින දක්ෂයින් ඉතා කඩිනමින් හඳුනාගෙන
නිපුණතා සංචිතයක් බිහි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ.
වහාම අදාළ පිරිස් හඳුනාගෙන සංචිතය සඳහා නිර්දේශ යොමු කරන
ලෙස ද සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දෙනු ලැබිණ.
තොරතුරු තාක්ෂණය සහ සිය ක්ෂේත්‍රයන්ට අදාළව දේශීය සහ
විදේශිය පුහුණුවීම් ලබාදීමට පියවර ගැනීමෙන් දක්ෂ රාජ්‍ය
සේවකයෙක් සහ යහපත් රාජ්‍ය සේවාවක් නිර්මාණය කළ හැකි බව
ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ඒකාබද්ධ සේවයේ පමණක් නොව සෙසු රාජ්‍ය සේවකයන්ට ද විවිධ
රාජ්‍ය ආයතනවලට ස්ථාන මාරුවීම් සඳහා පොදු ප්‍රතිපත්තියක්
සකස් කළයුතු බව ජනාධිපතිතුමා පැවසීය. එමගින් ක්ෂේත්‍ර රැසක
අත්දැකීම් සහිත පරිපූර්ණ රාජ්‍ය සේවකයෙක් බිහි කළ හැකි බව
ජනාධිපතිතුමා සඳහන් කළේය.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot