උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 18 January 2020

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වූ හිටපු සභාපති බරපතල වැඩ සහිත 15 වසරක සරිදඩුවමක්

 බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වූ හිටපු සභාපති බරපතල වැඩ සහිත 15 වසරක දඩුවමක් 

14 හැවිරිදි වියේ පසු වූ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, සාරුවා ලියනගේ සුනිල් යන අයට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත 15 වසරක සරිදඩුවමක් නියම කළා.

තීන්දුව ප්‍රකාශයට පත්කළේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යගේ පටබැඳි මහතා විසින්.

එමෙන්ම, අසාධාරණයට ලක් වූ දැරිය වෙත රුපියල් දෙලක්ෂ පනස්දහක වන්දියක් ගෙවන ලෙස ද වරදකරුට නියම කර තිබෙනවා.

2012 වසරේ මැයි මස 23 වනදා සහ එම වසරේ ජූනි මස 2 වනදා දක්වා කාලසීමාව තුළ අදාළ දැරිය දූෂණයට ලක් කර ඇති බවටයි සාරුවා ලියනගේ සුනිල් යන අයට චෝදනා එල්ල වී තිබුණේ.

මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කර සිටියේ මහජන නියෝජිතයින් මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම බරපතල තත්ත්වයක් බවයි.

එමෙන්ම, එය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳවැටීමට හේතු විය හැකි බවද විනිසුරුවරයා ප්‍රකාශ කළා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot