ගල්ෆ් කලාපයෙන් කොළඹ කොටස් වෙළඳපොලට ප‍්‍රහාරයක්.
ඉරානය සහ අමෙරිකාව අතර පවතින අර්බුදකාරී තත්ත්වය මෙරට කොටස් වෙළෙඳපොලේ කඩා වැටීමට හේතු වී තිබෙනවා.
මහ බැංකුව අද නිකුත් කළ වාර්තාවක දැක්වුණේ කොටස් මිල දර්ශකය ඒකක 127.25 කින් පහත වැටී ඇති බවයි.
එය ප්‍රතිශතයක් ලෙස 2.11 % ක පහළ යාමක්. ඊට සාපේක්ෂව අනෙකුත් මිල ගණන් සහ දර්ශක පහත වැටී ඇති බව ද එම වාර්තාවේ දැක්වුණා.
අද දිනය තුළ වාර්තා වී ඇති ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 624.43 ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඉරාන සහ ඉරාක දේශසීමා ආශ්‍රිතව ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය
ශ්‍රී ලංකාවෙන් පිටත්වන ගුවන් ගමන්වලට බාධාවක් නොවන බව ශ්‍රී ලන්කන්
ගුවන් සේවය නිවේදනය කළා.
ගැටුම් පවතින ප්‍රදේශ මගහැර විකල්ප ගුවන් මාර්ග ඔස්සේ ලන්ඩන් දක්වා වූ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමටයි එම සමාගම සැලසුම් කර තිබෙන්නේ.
මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම උදෙසා මෙම පියවර ගෙන තිබෙනවා.
අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන්
රටවල් රැසක් සිය ගුවන් ගමන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
අනෙකුත් රටවල්ද ඉරාන – ඉරාක දේශසීමා මගහැර සිය ගුවන් ගමන් දියත් කිරීමටයි මේ වන විට සැලසුම් කර තිබෙන්නේ.
No comments:
Post a Comment