රංජන්ගේ හඩපට අධිකරණයට ලැබී නෑ. පිටවීම ගැන විමර්ශණයක් ඉල්ලා රංජන්ගෙන් අධිකරණයට මෝසමක්.
රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් හඬපට මේ දක්වා අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බව රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ආශා කහවත්ත මහත්මිය අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.
පොලිස් භාරයට ගැනුණු නඩු භාණ්ඩ මාධ්‍ය වෙත නිකුත් වූයේ කෙසේදැයි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් රංජන් රාමනායක මහතා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළා.
ඒ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කියා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව පොලිස් භාරයේ ඇති කිසිඳු නඩු භාණ්ඩයක් වෙනත් පාර්ශ්ව වෙත නිකුත් කළ නොහැකි බවයි.
එබැවින්, මෙම ක්‍රියාවලියේ දී පොලීසිය වගකීමකින් තෙරව සහ රට තුළ කැළඹීමක් ඇති කරන ස්වරූපයකින් කටයුතු කර ඇති බව ද නීතීඥවරිය සඳහන් කළා.
එමෙන්ම, රංජන් රාමනායක මහතා ඉදිරියේ මුද්‍රා තබා කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට ගැනුණු විවිධ සංවාද ඇතුලත් හඬපට මෙලෙස මාධ්‍ය වෙත නිකුත් වීම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට මෙන්ම සමස්ත නීතියේ ක්‍රියාකාරීත්වයට ද බරපතල තර්ජනයක් බව නීතීඥ ආශා කහවත්ත මහත්මිය අවධාරණය කළා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ රංජන් රාමනායක මහතා සඳහන් කළේ
දූෂිතයින් සහ වංචාකරුවන් මෙන්ම අපරාධකරුවන්ට එරෙහිව තමන් සටන් කළ බවයි.
එහිදී ඇතැම් විට සදාචාරාත්මක නොවන ආකාරයෙන් කටයුතු කිරීමට
සිදු වූ බවද එහෙත් ඒ සියල්ල යහපත් අරමුණු පෙරදැරිව සිදුකළ බවද
රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත පැවසුවා.
No comments:
Post a Comment