උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 8 January 2020

රාජිතට ඇප දීමේ නියෝගය අත්හිටුවන්නැයි නීතිපති මහාධිකරණයෙන් ඉල්ලයි.

රාජිතට ඇප දීමේ නියෝගය අත්හිටුවන්නැයි නීතිපති මහාධිකරණයෙන් ඉල්ලයි.


ඉකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දීමේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් අධිකරණය විසින් සැලකිල්ලට භාජනය නොකළ බවයි.

අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ වරෙන්තුකරුවෙකු මේ ආකාරයෙන් ඇපමත මුදා හැරීම නීතියට පටහැනි බව පෙන්වා දෙන නීතිපතිවරයා එබැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩු ගොනුව කැඳවා පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් ඉකුත් 30 වන දා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රකාශිත ඇප නියෝගය බල රහිත කරන ලෙස ද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot