නවක වදය හමුවේ අසාධාරයට ලක්ව සිටින සිසු සිසුවියන් නැවැත සරසවි වෙත
නවක වදය හේතුවෙන් සරසවි හැරගොස් සිටින සියළු සිසු සිසුවියන් වෙත නැවතත් සරසවි වෙත ඇතුළු වී උපාධීය හැදෑරීමේ අවස්ථාව සැලසීම කෙරෙහි රජයේ අවදානය යොමු වී තිබෙනවා. එම කි‍්‍රයාවලිය සැලසුම් කිරීම සඳහා විශේෂ කමිටුවක්ද පත්කර ඇති අතර, ඊට සමාජිකයින් හත් දෙනෙකු ඇතුලත්. එහි ප‍්‍රධානත්වය හිටපු ශ්‍රේෂ්ඨාධීකරන විනිසුරු සලීම් මර්ෂුප් මහතා පත්කර තිබෙනවා.
එම කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව දින 90 ක් තුළ රජය වෙත බාර දීමට නියමිතයි. නවක වදය හමුවේ අසාධාරයට ලක්ව සිටින සිසු සිසුවියන් නැවැත සරසවි වෙත ඇතුලත් කර ගැනීම සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙල එම වාර්තානේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් සම්පාදනය කිරීම රජයේ අපේක්‍ෂාවයි.
පසුගිය වසර 05 ක කාලය තුළ නවක වදය හේතුවෙන් සරසවි අධ්‍යාපනය හැරගිය සිසු සිසුවියන් සම්බන්ධයෙන් මෙහිදී අවදානය යොමු කිරීමට නියමිතයි.
No comments:
Post a Comment