උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 18 January 2020

වෛරසයකින් චීනය අවදානම්

වෛරසයකින් චීනය අවදානම්

වෛරසයකින් චීනය අවදානම් – ඒත් ගුවන් ගමන් දිගටම.

චීනයේ පැතිර යන කොරෝනා වෛරසය යම් අවදානමක් වුවද ගුවන් ගමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවැසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කටයුතු කරන්නැයි ගුවන් බලධාරීන් වෙත දැනුම් දුන් බවයි. එම නිර්දේශ අනුව ගුවන් ගමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එහෙත් චීනයේ සංචාරය කරන ශ‍්‍රී ලාංකිකයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ අවදානමක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙසයි.

මෙම හදුනානොගත් වෛරස් රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකයේ සියළු රටවල් දැනුම්වත් කිරීමටද පියවර ගෙන තිබෙනවා. චීනයේ වුහෑන් ප‍්‍රදේශයේ පැතිර යන මෙම රෝගී තත්ත්වය පිළිබඳ මේ වන විටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි. මෙම රෝග තත්ත්වය පසුගිය කාලයේ ව්‍යාප්ත වූ සාර්ස් රෝග තත්ත්වයට සමාන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

කෙසේ වෙතත් මෙම රෝගය වැලදුනු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් 41 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවත් චීන වාර්තා සඳහන් කළා. එම වාර්තා වැඩිදුරටත් පැවැසුවේ මේ වන විට 2000 ට පමණ මෙම රෝගය වැලදී ඇතැයි සැකකරන බවයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot