රංජන් ගැන සැක හිතෙන තැන ගැන පොලිසිය කියයි.
රංජන් රාමනායක මන්ති‍්‍රවරයා වැදගත් අපරාධ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා මැදිහත්වීමක් සිදුකර ඇත්ද යන්න පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන බව පොලිසිය අධීකරණය වෙත දැනුම් දුන්නා. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම විමර්ශන කටයුතු ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව කෙරෙහි අනාදර හැගීමක් ඇති කිරීමට හෝ යුක්තිය පසිඳලීම කෙරෙහි වෛරය, අපහාසය අවුස්සන ආකාරයේ මතවාදයක් සමාජ ගත කිරීම සඳහා නිලධාරීන් සමඟ කුමන්ත‍්‍රණය කිරීම හෝ අනුබල ලබාදීමක් සිදුකර ඇත්ද යන්න සැකහැර දැනගැනීම සඳහා මෙම විමර්ශන සිදුකරන බවයි.එමෙන්ම අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාශය හා අල්ලස් කොමිෂම යටතේ සිදුවන විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුලත් බවට සැකකෙරෙන දෘඩ තැබි හා සංයුක්ත තැටි ගණනාවක් ද ලැප්ටොප් පරිගණයක්ද ඔහු සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා. එමෙන්ම පිස්තොලයක් හා සජීව පතරොම් 127 ක් රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී සොයා ගත් බවයි පොලිස් නිවේදනයේ දැක්වුණේ.
No comments:
Post a Comment