උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 5 January 2020

පොලිසිය හොඳයි - නෑ නරකයි - ආණ්ඩුවේ අය අතර පරස්පර


පොලිසිය හොඳයි - නෑ නරකයි - ආණ්ඩුවේ අය අතර පරස්පර ප‍්‍රකාශ.

පොලීසියට ස්වාධීනව වැඩකටයුතු කරගෙන යාමේ අවස්ථාව වර්තමාන ජනාධිපතිවරයා විසින් උදාකර දී ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ තුළ අනෙකුත් පාර්ශවයන්ට ද පාඩුවේ සිය වගකීම් ඉටු කිරීමේ අවස්ථාව උදා වී ඇති බවයි. ඔහු මේ බව කියා සිටියේ මාතර මාලිම්බඩ සතිපොළ විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදීයී.



මේ අතර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පොලිසියේ කි‍්‍රයාකලාපය විවේචනය කරමින් සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් ප‍්‍රකාශ කර තිබුණා. ඔහු පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා හා රජය නිවැරදි මාවතක ගමන් කරමින් සිටියද පොලිසිය හා විමර්ශන වැරදි මාර්ගයක ගමන් කරමින් ඇති බවයි. මහජන මුදල් අවභාවිතය හා විවිධ ¥ෂණවලට සම්බන්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු සාක්‍ෂි සහිතව හදුනාගෙන ඇතත් පොලිසිය හා නීතිපතිවරුන් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකරන බවයි. මෑතකාලීනව සිදුවන පොලිස් විමර්ශන පිළිබඳ තමන් සෑහිමකට පත්නොවන බවද කංචන විජේසේකර රාජ්‍ය ඇමතිවරයා සිය ට්විටර් පණිවිඩයෙන් අවධාරණය කර තිබෙනවා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot