උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 5 January 2020

රටම හැඩවූ හපුතලේ අනතුර ගැන අධීකරණ නියමයෙන් පුළුල් පරීක්‍ෂණ.

රටම හැඩවූ හපුතලේ අනතුර ගැන අධීකරණ නියමයෙන් පුළුල් පරීක්‍ෂණ.

හපුතලේ ප‍්‍රදේශයේ සිදුවු ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නැයි අධීකරණය අද පාර්ශ්ව පහක් වෙත විශේෂ නියෝගයක් ලබාදුන්නා.  අනතුර පිළිබඳ  පොලීසිය කරුණු ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳ අවදානය යොමුකළ බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේ මේ පිළිබඳ අංශ කිහිපයක් යටතේ පරීක්‍ෂණ සිදුවිය යුතු බවයි. ඒ අනුව රජයේ රස පරීක්ෂක දොපර්තමේන්තුව, ශ‍්‍රී‍්‍ර ලංකා ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා යටතේ පරීක්‍ෂණ සිදුවිය යුතු බවයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ.

අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්වූ ගුවන් හමුදා නිලධාරීන්ගේ දේහයන් අද දිනයේ ඥාතීන් වෙත බාරදීමට නියමිතයි. එම සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ අද බදුල්ල මහ රෝහලේදී පැවැත්වුණා.

ගුවන් යානය ඊයේ අනතුරට පත්වන අවස්ථාවේ එහි නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ බලගණ නායක බුද්ධි වීබැද්ද මහතායි. සහය ගුවන් නියමුවා ලෙස කටයුතු කළ බලපන්ති නායක ලංකාපුර කුලතුංග,  ගුවන්භට එල්.ඒ .සී හෙට්ටිආරච්චි සහ සැරයන් ඞී .ඩබ්ලිව්.කුමාර යන නිලධාරීන් මෙම අනතුරෙන් ජීවිතක්‍ෂය පත්වුණා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot