උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 8 January 2020

චීනයේ පැතිරෙන මාරාන්තික උනක් ගැන ලංකාවටත් අනතුරු ඇගවීම්.

චීනයේ පැතිරෙන මාරාන්තික උනක් ගැන ලංකාවටත් අනතුරු ඇගවීම්.

චීනයේ ශීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික විය හැකි නිව්මෝනියා රෝගී තත්ත්වයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු හඟවා ඇත. ආසියානු කලාපයේ වැඩිම චීන ජාතිකයන් පිරිසක් පැමිණෙන සංචාරක සහ ව්‍යවසාය මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති කොළඹ නගරය පදනම් කර ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු හැඟවීම සිදුකර ඇත.
මීට පෙර 2003 වර්ෂයේදී චීනයෙන් ව්‍යාප්තව ගිය මාරාන්තික සාර්ස් (Sever Actue Respiratory Syndrome SARS) රෝගයට සමාන බව සැක කෙරෙන මෙම නව නිව්මෝනියා රෝගය පිළිබඳව ශ්‍රී ලංකාවට අමතරව කලාපයේ අනෙකුත් කාර්යබහුල හුවමාරු මධ්‍යස්ථානයන් වන හොංකොං, සිංගප්පූරුව, බැංකොක්, මැලේසියා, මැකාවු, තායිවාන සහ දකුණු කොරියානු සෞඛ්‍ය අංශ සහ ගුවන්තොටුපොළ වෙතද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හැඟවීම් යොමුකර ඇත.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot