උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 22 January 2020

වතු නිවාස පෙලකට කිසියම් පිරිසක් පහර දි අලාභ හානි සිදු කරයි

වතු නිවාස පෙලකට කිසියම් පිරිසක් පහර දි අලාභ හානි සිදුකරයි

 සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පොලිසිය
විමර්ෂණයක් ආරම්භ කරයි.
නාවලපිටිය පොලිස් වසමට අයත් බාර්කේපල් වතුයායේ අලුතින් ඉදි කරන ලද
වතු නිවාස කිහිපයකට කිසියම් පිරිසක් විසින් පහර දි අලාභ හානි සිදු කිරිම
සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුව ගැනිම සදහා නාවලපිටිය පොලිසිය
විමර්ෂණයක් ආරම්භ කර ඇත.
ඉකුත් රජය සමයේ කදුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් අමාත්‍යංශය
මගින් එක් නිවසක් සදහා රු ලක්ෂ 10 ක ප්‍රතිපාදන යටතේ එම වතුයායේ
පදිංචි වතු කම්කරුවන් පවුල් කිහිපයක් සදහා නිවාස 15 ක් මිට වසර තුනකට
ප්‍රථම ඉදි කර ඇත.
අලුතින් ඉදි කරන ලද නිවාස වලට එම වතුයායේම පදිංචි වතු කම්කරු පවුල් 15
කට අදාල නිවසේ යතුරු අමාතංශය විසින් භාර දි තිබුණත් එම නිවාස වලට
පානිය ජලය සහ විදුලි ලබා නොදිම නිසා එම වතු කම්කරුවන් නව නිවාස වල
පදිංචියට යාම ප්‍රතික්ෂේප කර තිබුණි.
මිට දින කිහිපයකට ප්‍රථම එම නිවාස වල යලිත් පදිංචියට යාම සදහා නිවාස
අයිතිකරුවන් විසින් නිවාස අවට සුද්ද පවිත්‍ර කිරිමෙන් අනතුරුව (21) දින
පස්වරුවේ නාදුනන පිරිසක් පැමිණ නිවාස වලට පොලු මුගුරු වලින් පහර දි
එම නිවාස වලට දැඩි ලෙස අලාභ හානි කර ඇති බවයි එම වතුයායේ වතු
කම්කරුවන් කියා සිටින්නේ.
අමාත්‍යංශයෙන් ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය විසින්
සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර
ඇති අතර පහර දිමෙන් සිදු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

පහර දිම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පුළුල් විමර්ෂනයක් ආරම්භ කර











No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot